සබරගමුවේ නවක වද සිද්ධිය ගැන පරීක්ෂණ CIDයට

Report

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසර සිසුන්ට නවක වදය ලබාදුන් සිද්ධිය සම්බන්ධ විමර්ශන, වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත භාරදී ඇත.

පසුගිය අප්‍රේල් 29 වන දින සමනලවැව පොලිස් ස්ථානයට මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති අතර, ඒ අනුව සිසුන් 20 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

කොළඹ ලේඩීස් කොලෙජ් සියලුම දෙමවුපියන් සහ භාරකරුවන් වෙත හදිසි දැනුම්දීම

කොළඹ ලේඩීස් කොලෙජ් සියලුම දෙමවුපියන් සහ භාරකරුවන් වෙත හදිසි දැනුම්දීම

එම සිද්ධියට සම්බන්ධව, එදිනම දෙවන වසරේ සිසුවෙකු සියදිවි නසාගෙන ඇති බව වාර්තා වේ. ඔහු නවක වදයේ බලපෑම හේතුවෙන් මෙලෙස සියදිවි හානිකර ගත් බවට ඔහුගේ ඥාතීන් සහ මිතුරන් චෝදනා කරති.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පහරදීමේ සිද්ධිය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හෝමාගම, පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ සිසුවෙකු, නවක වදයට විරුද්ධ වීම හේතුවෙන් සිසුන් පිරිසකගේ පහර කෑමකට ලක්ව ඇති බව පවසයි. මෙම සිද්ධිය පසුගිය අප්‍රේල් 29 වන දින නේවාසිකාගාරයේදී සිදුව ඇත.

පහරකෑමෙන් තුවාල ලැබූ සිසුවා එදිනම හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර, ප්‍රතිකාර ලබා පිටත් කර යවා ඇත. පසුව ඔහු වැලිගම, වලාන රෝහලට ඇතුළත් වී, වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත මාරු කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

පළාත් පාලන ඡන්දයට විදෙස් නිරීක්ෂකයින් නෑ - ට්‍රම්ප් නිසා මුදල් ප්‍රශ්නලු

පළාත් පාලන ඡන්දයට විදෙස් නිරීක්ෂකයින් නෑ - ට්‍රම්ප් නිසා මුදල් ප්‍රශ්නලු

කොස්ගොඩ පොලිස් භාරයේ සැකකරුගේ මරණය 

කොස්ගොඩ පොලිස් භාරයේ සිටි සැකකරුවෙකුගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනද, වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇත.

පසුගිය මැයි 1 වන දින, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 210ක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය මගින් 28 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු පසුදින (මැයි 2) පොලිස් භාරයේදී මියගොස් ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ඇදුම රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක්

ඇදුම රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක්