වැටුණු රුපියලට යළි පණ එයි - වාණිජ බැංකුවල ඩොලරය ඉදිරියේ රුපියල ස්ථාවර වෙයි

Report

ඊයේ(15) දිනට සාපේක්ෂව අද (16) දින ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවතින අතර බොහෝ බැංකුවල ඩොලරයේ විකුණුම් අනුපාතය රු. 340 ක් ලෙස සටහන් විය.

කෙසේ වෙතත් සෙලාන් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රුපියල් 331.60 සහ රුපියල් 340.85 ලෙස නොවෙනස්ව පැවතුණු අතර NDB බැංකුවේ, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතය රුපියල් 331.85 ක් සහ විකුණුම් අනුපාතය රුපියල් 340.85 ක් ලෙස ද නොවෙනස්ව පැවතුණ බව සඳහන්.

මේ අතර මහජන බැංකුවේ, ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 331.86 ක් ලෙස නොවෙනස්ව පවතින අතර, විකුණුම් අනුපාතය ද රුපියල් 340.69 ක් ලෙස නොවෙනස්ව ඇත.

ඊයෙටත් වැඩිය අද රුපියල බිම වැටෙද්දි ඩොලරයේ විකුණුම් මිල වේගෙන් ඉහළට - ලංකාවේ බැංකුවල මිල ගණන් මෙන්න

ඊයෙටත් වැඩිය අද රුපියල බිම වැටෙද්දි ඩොලරයේ විකුණුම් මිල වේගෙන් ඉහළට - ලංකාවේ බැංකුවල මිල ගණන් මෙන්න

එසේම කොමර්ෂල් බැංකුව වාර්තා කරන්නේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රුපියල් 330.30 සහ රුපියල් 340.25 ලෙස නොවෙනස්ව පවතින බවයි.

ඊට අමතරව සම්පත් බැංකුවේ, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රු. 332.00 හි නොවෙනස්ව පවතින අතර, විකුණුම් අනුපාතය රු. 341.00 හි නොවෙනස්ව පවතින බව සඳහන්.

සුළු මොහොතකට පෙර ජූලි 16 දිනය පුරා වලංගු නිවේදනයක් - මේ පළාත්වලට විශේෂයි

සුළු මොහොතකට පෙර ජූලි 16 දිනය පුරා වලංගු නිවේදනයක් - මේ පළාත්වලට විශේෂයි

දුම්රියේ ගමන් කරන අයට විශේෂ නිවේදනයක් - වහාම ක්‍රියාත්මක වන පරිදි මේ දුම්රිය ස්ථාන වසා දමයි

දුම්රියේ ගමන් කරන අයට විශේෂ නිවේදනයක් - වහාම ක්‍රියාත්මක වන පරිදි මේ දුම්රිය ස්ථාන වසා දමයි

Gallery