මෙරට සුනඛයන් ගැන හෙළිවූ අලුත්ම දේ මෙන්න..විශේෂ හෙළිදරව්වක්.
Sri Lanka
Dogs
Jalabeethika viruses
By Aruna
මෙරට ඇස්තමේන්තුගත සුනඛ ගහනයෙන් පසුගිය වසරේ ජලභීතිකාව වෙනුවෙන් එන්නත් කර ඇත්තේ සුනඛයන් තුනෙන් එකක් පමණක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එල්.ඩී. කිත්සිරි මහතා පවසනවා.
ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ, පසුගිය වසරේ දී ජලභීතිකාව හේතුවෙන් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් ඇති බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජලභීතිකා දිනය නම් කෙරුණේ ද, විවිධ රාජ්‍යයන් තුළ සුනඛයින් සහ මිනිසුන් අතර දැඩි සම්බන්ධතාවක් පවතින නිසා සිදුවන සහ වාර්තා වන සෞඛ්‍යමය අර්බුද හේතුවෙන් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමටයි.
මේ අනුව සුනඛයින්ට ජල භීතිකා එන්නත ලබා දෙන අතර, එතුළින් සත්ත්ව ආරක්ෂණය සහ මානුෂීය ආරක්ෂණය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අරමුණු වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |