ලංකාව අරන් තියෙන ණය ට්‍රිලියන හෝ බිලියන ගණන්වලින් පෙනුනට බය වෙන්න එපා - හේතුව කියන ලක්මාලි

Report

පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රමාණය දෙස ට්‍රිලියන හෝ බිලියන ගණන්වලින් පමණක් බලා ණය වැඩි වී ඇති බවට තීරණය කළ නොහැකි බවත්, රටේ සමස්ත ණය බර මේ වන විට දරාගත හැකි මට්ටමකට ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බවත් ය.

ඒ අනුව පාර්ලිමේන්තුව අමතමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ, ණය මඟින් ආර්ථිකය මත ඇති කරන සැබෑ බර තීරණය වන්නේ 'දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය ප්‍රතිශතය' මත පමණක් බවයි.

එබැවින් 2024 වසරේ 95.5%ක් වශයෙන් පැවති ලංකාවේ ණය තිරසාරකරණ දර්ශකය 2025 වසර වන විට 91.6% දක්වා පහත වැටී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රීනිය පවසයි.

ලංගම ගොඩ දාන්න ඉදිරියෙදි කැබිනට් පත්‍රිකාවක් - පුරප්පාඩු පුරවා වැටුප් ප්‍රශ්නත් හරිගස්සන බව ඇමති කියයි

ලංගම ගොඩ දාන්න ඉදිරියෙදි කැබිනට් පත්‍රිකාවක් - පුරප්පාඩු පුරවා වැටුප් ප්‍රශ්නත් හරිගස්සන බව ඇමති කියයි

එමෙන්ම ඩොලර්වලින් ගෙවීමට ඇති බාහිර ණය ප්‍රතිශතය ද 155.4% සිට 150.4% දක්වා සැලකිය යුතු ආකාරයෙන් අඩු වී ඇති බව පවසයි.

ඊට අමතරව ඇය එහිදී චෝදනා කළේ 2015 සිට 2019 දක්වා පැවති යහපාලන රජය සමයේ ණය-දළ දේශීය නිෂ්පාදිත ප්‍රතිශතය 73% සිට 82% දක්වා අතිවිශාල ආකාරයට ඉහළ නංවමින්, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ඔස්සේ අධික පොලියට වාණිජ ණය ලබාගෙන අයවැය හිඟය පියවූ බවටයි.

කෙසේ වුවද ඉකුත් වසර එකහමාරක කාලය තුළ වත්මන් රජය ණය සේවනය වෙනුවෙන් වන පොලී පිරිවැය සාර්ථකව පාලනය කර තිබෙන බවත්, මහා බැංකු වාර්තාවලට අනුව භාණ්ඩාගාරය මඟින් මුදල් සංචිත නඩත්තු කිරීම සහ පොලී අනුපාත කළමනාකරණය කිරීම මීට ප්‍රධාන හේතුව වී ඇති බවත් ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය පෙන්වා දී ඇත.

එබැවින් 2032 වසර සඳහා අපේක්ෂා කළ 95%ක ණය ඉලක්කය ශ්‍රී ලංකාව දැනටමත් සපුරා ගැනීමට සමත්ව ඇති බවද ඇය වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

වෘත්තිකයින් රැසක් විශ්‍රාම වයස ඉහළ දාන්න ඉල්ලුම් කරලයි තියෙන්නේ - හැබැයි රජයක් විදිහට අපේ තීරණේ මේකයි - විශ්‍රාම වයස ගැන පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක්

වෘත්තිකයින් රැසක් විශ්‍රාම වයස ඉහළ දාන්න ඉල්ලුම් කරලයි තියෙන්නේ - හැබැයි රජයක් විදිහට අපේ තීරණේ මේකයි - විශ්‍රාම වයස ගැන පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක්

විමල්ගේ බිරිඳගේ අභියාචනයත් විසි වෙයි - ‍ආයෙත් කූරු ගනින්න වෙයි

විමල්ගේ බිරිඳගේ අභියාචනයත් විසි වෙයි - ‍ආයෙත් කූරු ගනින්න වෙයි