ගාලුමුවදොර කළඹමින් අතුරුදන් වූ සිසුවාගේ සිරුර ගොඩට

Report

ගාලුමුවදොර ගසාගෙන ගිය දරුවාගේ සිරුර ගොඩ ගසා ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඊයේ(10) දින සවස මාලිගාවත්ත ප්‍රදේශයේ ළමුන් පිරිසක් ගාලු මුවදුර මුහුදු තීරයේ දිය නාමින් සිට ඇති අතර ඉන් කීපදෙනෙක් දියඹට ගසාගන්න ගොස් ඇති බව වාර්තා විය.

එම අවස්ථාවේදී ළමුන් කීපදෙනෙක් බේරා ගත්තද ඒ අතර සිටි එක් ළමයෙක් සොයා ගැනීමට නොහැකි වී තිබුණා.

ගෝල්ෆේස් මුහුදු තීරයේ නාන්න ගිය තිදෙනෙකු ගසාගෙන යයි

ගෝල්ෆේස් මුහුදු තීරයේ නාන්න ගිය තිදෙනෙකු ගසාගෙන යයි

කෙසේ වෙතත් එම දරුවාගේ සිරුර අද(11) දින දහවල් වන විට එම මුහුදු තීරයට ගොඩ ගසා ඇති බව සඳහන්.

එමෙන්ම මෙසේ අනතුරට ලක්ව ඇත්තේ මාලිගාවත්ත ප්‍රදේශයේ සිට පැමිණි වයස අවුරුදු 15ක පමණ පසුවන පාසල් සිසුන් පිරිසක් බව සඳහන්.

ඔවුන් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වශයෙන් පැමිණ මුහුදට බැස ඇති අතර, ඉන් තිදෙනෙකු මෙසේ අනතුරට මුහුණ පා තිබුණා.  

පාසලක්ම නොසන්සුන් කරමින් සිසුන් විස්සක් පමණ හදිසියේ රෝහල් ගත කරයි - හේතුව මෙන්න

පාසලක්ම නොසන්සුන් කරමින් සිසුන් විස්සක් පමණ හදිසියේ රෝහල් ගත කරයි - හේතුව මෙන්න

මීට පස්සේ මේ විදිහට කන්න උයන්න හිතන්නවත් එපා - සෞඛ්‍යයෙන් අනතුරු ඇඟවීමක්

මීට පස්සේ මේ විදිහට කන්න උයන්න හිතන්නවත් එපා - සෞඛ්‍යයෙන් අනතුරු ඇඟවීමක්