පහර දුන්නේ පොලීසියද ? බන්ධනාගාරයද ? තවත් මරණයක් ...

Sri Lanka Police Death Sinhala news
By Hashan May 05, 2025 11:24 AM GMT
Hashan

Hashan

Report

ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය තුළ ජංගම දුරකථනයක් නාද වීමේ වරදකට පුද්ගලයෙකු දින 14 ක කාලයක් සඳහා බන්ධානාගාර ගත කර තිබෙනවා. අදාළ පුද්ගලයා බන්ධනාගාර ගත කිරීමෙන් පසු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මිය යාමට ලක් වී ඇති බවයි වාර්තා වී ඇත්තේ.   

කෙසේ වෙතත් එම පුද්ගලයා රථ වාහන නඩුවක් සම්බන්ධයෙන් ඇප තැන්පත් කිරීම සඳහා ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. 

ඇප මත මුදා හැරි මහේෂ් ගම්මන්පිල යළි රිමාන්ඩ්

ඇප මත මුදා හැරි මහේෂ් ගම්මන්පිල යළි රිමාන්ඩ්

මියගිය රැදවියාගේ ඥාතීන් පවසා සිටින්නේ මොට ආයුධයකින් හිසට පහරදීමෙන් මොළයට හානිවීම සහ පපුවේ වම් පසට පහරදීම නිසා ඉල ඇටවලට හානිවීමෙන් සිදු වූ අභ්‍යන්තර ලේ වහනය හේතුවෙන් මරණය සිදුවී ඇති බවයි. 

ඔවුන් තව දුරටත් පවසා සිටියේ ඒ බව රැඳවියාගේ පශ්වාත් මරණ පරීක්ෂණයේ දී ද අනාවරණ වී තිබෙන බවය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණවලට අමතරව බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ද පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි.

කුණු ඇළින් හමු වූ කාන්තා මළ සිරුරක්

කුණු ඇළින් හමු වූ කාන්තා මළ සිරුරක්

ReeCha