මේ ප්‍රදේශවල ජනතාව පරිස්සමෙන් අනතුරු නිවේදන නිකුත් වේ
දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
ඒ අනූව කළුතර, මහනුවර, කුරුණෑගල, මොනරාගල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පළමු මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
මීට අමතරව බදුල්ල සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට දෙවන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කර ඇත.