ශ්‍රීලංකා ක්‍රිකට් පිල වාර්ෂික කොන්ත්‍රාත්තුව වර්ජනය කරන ලකුණු..?

Cricket Sri lanka covid 19
By Sithumi Jul 06, 2021 01:23 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන වාර්ෂික කොන්ත්‍රාත්තුව ඇතුළත්ව සිටින ක්‍රීඩකයන් 24 දෙනා තව දුරටත් ගිවිසුමට අස්සන් නොකිරීමට තීරණය කර ඇතැයි ඉතාමත් විශ්වාසකටයුතු මාර්ගයකින් දැනගන්නට තිබේ.

එම ක්‍රීඩකයන් 24 දෙනා හෙට පෙරවරුවේ ගිවිසුමට අස්සන් කළ යුතු බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම්දී ඇති බව වාර්තා වේ.

එම ක්‍රීඩකයන් 24 දෙනා සහ ඔවුන් වෙනුවෙන් කටයුතු කරන නීතිඥා නිශාන් සිඩ්නි ප්‍රේමතිරත්න මහතා ‘වට්ස්ඇප්’ ඔස්සේ අද (05) සාකච්ඡා කළ බවත් එහිදී ගිවිසුමට අස්සන් නොකිරීමට තීරණය කළ බවත් ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙක් පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වාර්ෂික කොන්ත්‍රාත්තුව සඳහා ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමට යොදාගත් ලකුණු පටිපාටිය ඉල්ලා සිටිමින් මෙම ක්‍රීඩකයන් 24 දෙනා ගිවිසුමට අස්සන් කිරීම ප්‍රතික්ෂේප කළහ.

එංගලන්ත සංචාරයට සහභාගි වූ ශ්‍රී ලංකා සංචිතයට ප්‍රධාන කොන්ත්‍රාත්තුවට ඇතුළත් ක්‍රීඩකයෝ 14 ක් පමණ ඇතුළත්ව සිටිති. ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේ සිට අද රාත්‍රී නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now


ReeCha