සරසවි සිසුවෙක් ශ්‍රී ලංකා නවසීලන්ත මැච් එක බලන්න ගිහින් වෙච්ච දේ..අවසානයේ නතර වුණු තැන මෙන්න.
CID - Sri Lanka Police
Police spokesman
Cricket
By Aruna
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී ව්‍යාජ විද්‍යුත් ටිකට් පතක් ඉදිරිපත් කොට ක්‍රීඩාංගණයට ඇතුළුවීමට උත්සාහ කළ බව කියන විශ්වවිද්‍යාල සිසුවකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වීරවිල සෙවණගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන රුහුණු සරසවියේ සම සෞඛ්‍ය පීඨයේ දෙවැනි වසරේ සිසුවෙකු එසේ පල්ලෙකැලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
පොටෝෂොප් තාක්ෂණය භාවිතා කරමින් ව්‍යාජව සකස් කරන ලද විද්‍යුත් ටිකට් පතක් එම සිසුවාගේ ජංගම දුරකථනයේ තිබූ බවත් එය කිව්.ආර්. කේතයේ ස්කෑන් නොවන බව පොලිසිය කියයි.
ඒ හේතුවෙන් සිසුවා පෞද්ගලික ආරක්ෂක අංශයේ නිලධාරීන්ගේ භාරයට ගෙන පොලිසියට භාර දුන් බවද පල්ලෙකැලේ පොලිසියේ ප්‍රකාශකයකු පැවසීය.
