විශ්ව විද්‍යාලයක සිසුවියන් තිදෙනෙක් පිහිනුම් තටාකයක නාන්න ගිහින් සිදු වූ දේ..(PHOTOS)
පිහිනීමට නොදන්නා වුවද ඔවුන් පිහිනුම් තටාකයට බැසීමට තීරණය කළේ සමහර විට ඔවුන්ගේ ඉරණම මෙහෙම විසඳේවි කියා දැනගෙන නෙගෙන වන්නට පුළුවන්.
මේ සිද්ධිය ගැන පොලිසිය සිදුකළ විමර්ශනවලදී පැහැදිලි වුණේ මේ ආකාරයටයි.
ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ මංගලුරු ප්‍රදේශයේ පිහිටි නිවාඩු නිකේතනයක පිහිනුම් තටාකයේ ගිලී තරුණියන් තිදෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, විශ්ව විද්‍යාලයක ඉංජිනේරු පිඨයේ ඉගනුම ලබන 20 හැවිරිදි සිසුවියන් දෙදෙනෙක් සහ 21 හැවිරිදි සිසුවියක් මෙසේ මියගොස් ඇති බවයි.
ඔවුන්ගේ මළ සිරුරු එම නිකේතනයේ කාර්ය මණ්ඩලය විසින් සොයාගෙන පොලිසියට දැනුම් දී ඇති අතර, සිද්ධිය වන අවස්ථාවේ තටාකය අසල ජීවිතාරක්ෂක භටයෙකු නොසිටි බව පැවසේ.
එමෙන්ම එම නාන තටාකයේ ගැඹුරු ස්ථානය සඳහන් කර නොතිබූ බවයි පොලිසිය පවසන්නේ.
මංගලුරු පොලිස් කොමසාරිස් අනුපම් අග්‍රවාල් පවසා ඇත්තේ, ඔවුන් තිදෙනාම "අහම්බයෙන් දියේ ගිලී" මිය ගිය බවයි.
තවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ, ඔවුන්ගේ මරණය මෙම නිවාඩු නිකේතනයේ ආරක්ෂාව සම්බන්ධ දෝශයක් බවත්, ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත්, පොලිසිය සඳහන් කර ඇති බවයි.
-
NPP 0
Jathika Jana Balawegaya
0% -
SJB 0
Samagi Jana Balawegaya
0% -
NDF 0
New Democratic Front
0% -
ITAK 0
Ilankai Tamil Arasu Kadchi
0%