කුසල් , නිරෝෂන් දික්වෙල්ල කණ්ඩායමෙන් ඉවතට ? (VIDEO)
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙනෙකු එංගලත්යේ වීථියක සැරිසරන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට සංසරණය වනවා.
අදාල වීඩියෝවේ සිටින ශ්‍රී ලංකා උප නායක කුසල් මෙන්ඩිස් සහ කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල වහාම කණ්ඩායමෙන් ඉවත්කර මෙරටට ගෙන්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ ඔවුන් මෙරටට ගෙන්වීමෙන් පසු අදාල සිද්ධිය සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි. එමෙන්ම මෙලෙස ක්‍රීඩකයින් ජෛව ආරක්ෂක බුබුලෙන් පිටතට යැවීම සම්බන්ධයෙන් කණ්ඩායම් කළමනාකාරීත්වයෙන් කරුණු විමසා වාර්තාවක් කැඳවීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ක්‍රීඩකයින් දෙදෙනා ලන්ඩනයෙන් මෙරට බලා එන පළමු ගුවන් යානයෙන්ම හරවා එවිය යුතු බවට ක්‍රිකට් කළමනාකාරීත්වයට දැනුම් දී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ. ඒ් අනුව මෙම ක්‍රීඩකයින්ට එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එක් දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට අවස්ථාව හිමි නොවනු ඇති.
