ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ 07 කට කොරෝනා..වහාම තීරණයක් ගනී.

Corona Sri Lanka Icc Sri Lanka woman cricket team Chamari athapaththu
By Aruna Nov 28, 2021 06:34 AM GMT
Aruna

Aruna

Report

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රිකට් තරගාවලිය සඳහා සිම්බාබ්වේ බලා ගිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හැකි ඉක්මනින් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.

එහි ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සඳහන් කළේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ අදාළ සාකච්ඡා පැවැත්වෙන අතර, මේ වනවිට කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හත්දෙනෙකුට කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇති බවයි.

අද (28) දහවල් වනවිට කාන්තා ක්‍රිකට් කණ්ඩායම ගෙන්වාගැනීම සම්බන්ධයෙන් තීරණයකට එළඹීමට හැකිවනු ඇතැයි ඔහු අදහස් දක්වමින් කියා සිටියා.

මේ අතර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා සුපිරි පිතිකාරිනී චමරි අතපත්තු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු මාර්ග වලින් දැනගන්නට තිබේ.

ඇය පෞද්ගලික හේතුවක් මත ශ්‍රී ලංකා පිලෙන් ඉවත් වීමට තීරණය කර ඇති අතර පසුව විදේශගත වීමට නියමිත බවත් ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වට්ස්ඇප් කණ්ඩායමට ඇය මේ බව නිල වශයෙන් දැනුම් දී දැනුම් දී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha