නවතම ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ පුහුණුකරු මෙන්න
By Sithumi
එළැඹෙන සිම්බාබ්වේ එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාර ධූරයට හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෙකු වන රුමේෂ් රත්නායක නැවත කැඳවා තිබෙනවා.
මීට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ධූරය හිටපු ඉදිරිපෙළ පිතිකරුවකු වන රුවින් පීරිස් හට පිරිනැමීමටයි තීරණය වී ඇත්තේ. මෙම තනතුරු දෙකම එළැඹෙ න සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ඉලක්ක කරගෙන සිදු කරන ලද අන්තර්වාර පත්කිරීම් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දෙන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ටොම් මූඩි තනතුරෙන් ඉවත් වීමෙන් අනතුරුව තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ස්ථීර ප්‍රධාන පුහුණුකරු වෙක් පත් කරගෙන නැහැ. මේ වන විට මෙරටින් බිහිවූ තවත් විශිෂ්ඨ ක්‍රීඩකයකු වන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් පුහූණු උපදේශක තනතුර දරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න. |
