කාසියේ වාසියත් රැගෙන ශ්‍රී ලංකාව පිල එංගලන්තයත් සමඟ සටන අරඹයි.

By Wayomi Aug 21, 2024 10:01 AM GMT
Report

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මැන්චෙස්ටර්, ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩා පිටියේ පැවැත් වෙනවා.

එහි කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා සමත් වූ අතර ඔහු පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

පෙට්‍රල් ලීටරයක් රු.114ට? - 195 ට ගෙනාපු එක රු.350ක් වුණේ කොහොමද?

පෙට්‍රල් ලීටරයක් රු.114ට? - 195 ට ගෙනාපු එක රු.350ක් වුණේ කොහොමද?


ශ්‍රී ලංකා කණ්ඩායම -දිමුත් කරුණාරත්න, නිශාන් මදුෂ්ක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා (නායක), කමිඳු මෙන්ඩිස්, ප්‍රබාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු සහ මිලාන් රත්නායක

මෙය මිලාන් රත්නායකගේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගය වන අතර දකුණතින් මඳ වේග පන්දුයවන ඔහු වාරියපොළ සුමංගල විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක්.

එංගලන්ත කණ්ඩායම -

ඩෑන් ලෝරන්ස්, බෙන් ඩකට්, ඔලී පෝප් (නායක), ජෝ රූට්‌, හැරී බ්රූක්, ජැමී ස්මිත්, ක්‍රිස් වෝක්ස්, ගස් ඇට්කින්සන්, මැතිව් පොට්ස්, මාර්ක් වුඩ්ස් සහ ෂොයිබ් බෂීර්

හදිසියේම රු 10,000 සහනාධාරය 30,000ක් දක්වා වැඩි කෙරේ. - එය ලැබෙන්නේ මෙහෙමයි. - තවත් දෙයක් නොමිලේ.

හදිසියේම රු 10,000 සහනාධාරය 30,000ක් දක්වා වැඩි කෙරේ. - එය ලැබෙන්නේ මෙහෙමයි. - තවත් දෙයක් නොමිලේ.


එංගලන්ත නිත්‍ය ටෙස්ට් නායක බෙන් ස්ටොක්ස් තුවාල ලැබීම හේතුවෙන් මෙම තරගාවලිය සඳහා නායකයා ලෙස ඔලී පෝප් පත්කර තිබෙනවා.

දෙරට අතර මෙම තරගාවලිය යටතේ ටෙස්ට් තරග තුනක් පැවැත්වීමට නියමිත අතර අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේදී ටෙස්ට් තරගයක් ජයගෙන ඇත්තේ 2014 වසරේදීය.

එවර ලීඩ්ස් පිටියේ පැවති ටෙස්ට් තරගය ලකුණු 100කින් ජය ගැනීමට මැතිව්ස් ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියද 1ට බින්දුවක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. 

අක්කරයකට රුපියල් ලක්ෂයක්. - ජනාධිපතිත් කැමති වෙයි. - වගා කරුවන්ට මෙන්න සුබ ආරංචියක්.

අක්කරයකට රුපියල් ලක්ෂයක්. - ජනාධිපතිත් කැමති වෙයි. - වගා කරුවන්ට මෙන්න සුබ ආරංචියක්.