ආපදාවෙන් හානි වූ කෝවිල අසල මැණික් ගලක් යැයි සැක කරන විශාල පාෂානයක් මතුවෙයි

Report

මෙරටට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ ගලහා දෙල්තොටවත්ත ගල්ලන්තැන්න පහළ කොටසේ ඇති ශ්‍රී මුත්තු මාරි අම්මාන් කෝවිල අසල විශාල වටිනාකමක් ඇතැයි සැක කරන කිලෝ ගණනාවක් බර මැණික් ගලක් යැයි විශ්වාස කරන පාෂාණයක් හමුවී ඇති බව ගලහ පොලිසිය සදහන් කර තිබේ.

අයහපත් කාලගුණය ආපදාව සමග නායයාමකට හසුව මෙම කෝවිල අසලට පැමිණි විවිධ වර්ණයන්ගෙන් යුත් ගලක් දැක ඇති අයෙකු ඒ බව පැවසීම නිසා මෙය සොයාගෙන තිබේ.

මෙම නාය නිසා නිවාස කිහිපයකටද හානි සිදුවී කෝවිලටද බරපතළ හානි සිදුව තිබුණි.

ප්‍රදේශවාසී වතු ජනතාව විසින් 2010 වසරේ සිට මුදල් එකතු කරමින් ඉතා අමාරුවෙන් මෙම කෝවිල ඉදිකර ඇති අතර වසර ගණනාවකට පසු මෙම වසරේ එළඹෙන මාර්තු මස එය විවෘත කිරීමටද සැලසුම් කර තිබූ බව පැවසේ.

මැණික් ආනයන බදු වලට වෙන්න යන දේ මෙන්න

මැණික් ආනයන බදු වලට වෙන්න යන දේ මෙන්න

ඊට ප්‍රථම නාය යාමෙන් මෙම කෝවිල විනාශ වූ අතර වතු ජනතාව ඒ පිළිබඳව ශෝකයෙන් පසු වේද්දී මෙම වර්ණයන්ගෙන් යුත් මැණික් යැයි සැක කරන මෙම විශාල ගල හමුවී තිබේ.

දැනට මේ සඳහා ගළහ පොලිසිය මගින් ආරක්ෂාව යොදවා ඇති අතර භූ විද්‍යා හා පතල් කාර්යාංශය හා මැණික් හා ස්වර්ණාභරණ ආයතන පැමිණ මේ පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවද වාර්තා වේ.

ජනපති වෛරය හා අසමඟිය පතුරවනවා කියා පිවිතුරු හෙළ උරුමේ CID ගිහින්

ජනපති වෛරය හා අසමඟිය පතුරවනවා කියා පිවිතුරු හෙළ උරුමේ CID ගිහින්