හනිමූන් යන්න ලෝකයේ හොඳම තැන් තුනෙන් ගාල්ල, ඇල්ල සහ තංගල්ල ඉහළින්ම..
මෙවර මධුසමය ගත කිරීමට ලෝකයේ හොඳම ස්ථාන 25 අතරින් ස්ථාන තුනක් ශ්‍රී ලංකාවට හිමිවීම විශේෂත්වයක් ගෙන ඇත.
ජනප්‍රිය සංචාරක වෙබ් අඩවිය වන ට්‍රිප් ඇඩ්වයිසර් (TripAdvisor) සිදුකළ ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාවේ නිරිතදිග සහ මධ්‍යම කලාපයේ පිහිටි ගාල්ල, ඇල්ල සහ තංගල්ල ඉහළින් ලැයිස්තුගත වී තිබේ.
ට්‍රිප් ඇඩ්වයිසර් වෙබ් අඩවිය නිකුත් කළ නිල ශ්‍රේණිගත කිරීමේ පිළිවෙලින් පහවැනි ස්ථානය ගාල්ලටත්, 13වැනි ස්ථානය ඇල්ලටත්, 22වැනි ස්ථානය තංගල්ලටත් හිමිව ඇත.
ගාල්ල - පහවැනි ස්ථානය

ගාල්ල යනු ශ්‍රී ලංකාවේ නිරිතදිග වෙරළ තීරයේ පිහිටා ඇති ඓතිහාසික නගරයක් බවත්, යටත්විජිත යුගයේ මතක තවමත් එහි ජීවමාන බවත් ට්‍රිප් ඇඩ්වයිසර් ප්‍රකාශ කර තිබේ. 16වැනි සියවසේ පෘතුගීසීන් විසින් ඉදිකිරීම ආරම්භ කළ බළකොටුව ඇතුළු ලන්දේසි ශෛලියේ ගොඩනැගිලි රැසක් එහි තිබෙන අතර, සංචාරකයෙකුට අද්විතීය හා ඉතිහාසයෙන් පිරුණු අත්දැකීමක් ලැබෙන බව ද එම වෙබ් අඩවිය සඳහන් කරයි.
ඇල්ල - 13වැනි ස්ථානය

කඳුකර වනාන්තර, තේ වතු සහ සිසිල් දේශගුණය සමඟින් සංචාරකයන් කඳුකරයේ සුන්දරත්වයට රැගෙන යන ඇල්ල ප්‍රදේශය වනජීවීන්ගෙන් පොහොසත් බවත්, ගුහා, කඳු පන්ති සහ ස්වභාවික රූපලාවන්‍යයෙන් යුක්ත බවත් ට්‍රිප් ඇඩ්වයිසර් පෙන්වා දී තිබේ.
තංගල්ල - 22වැනි ස්ථානය

තංගල්ල ශ්‍රී ලංකාවේ සැඟවුණු මැණිකක් ලෙස හැඳින්වෙන අතර, බොහෝ සංචාරකයන් තංගල්ල පිළිබඳව අසා නොමැති බවත් එහි තිබෙන වෙරළ තීරයන් රටේ හොඳම ඒවා බවත් ට්‍රිප් ඇඩ්වයිසර් ප්‍රකාශ කර තිබේ.
මෙම ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය ඉන්දුනීසියාවේ බාලි දුපත්වලටත්, දෙවැනි ස්ථානය මොරීෂියස් වෙතත්, තෙවැනි ස්ථානය මාලදිවයිනටත් හිමිව ඇත. අවසන් ස්ථානය ග්‍රීසියේ පේරෝස් දුපතට හිමිව ඇත.