ජනවාරි 23 සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට සූදානමක්
2026 වර්ෂය සඳහා වූ අයවැය යෝජනා තුළින් වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය සේවාවේ සැබෑ ගැටලු විසඳීමට කිසිදු විසඳුමක් නොලැබීම හේතුවෙන්, ජනවාරි 23 වැනිදා සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබේ.
අද (19) පැවැති සංගමයේ විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බව සංගමය නිල ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේය.
සංගමය පෙන්වා දෙන්නේ, 2026 අයවැය යෝජනා තුළින් වෛද්‍ය ප්‍රජාවේ දිගුකාලීන ගැටලු විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොමැති බවත්, එය වෛද්‍යවරුන් අතර දැඩි නොසන්සුන්තාවයක් ඇති කර ඇති බවත්ය.
මේ අතර, මෙම ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් වෘත්තීය ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටුවීමට සංගමය පෙරදින තීරණය කර තිබුණද, එම සාකච්ඡා සිදු නොවීම සහ එකඟතා ඇති නොවීම හේතුවෙන් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වීමට සිදුව ඇති බව සංගමය ප්‍රකාශ කරයි.
වෛද්‍ය ප්‍රජාවේ මෙම ක්‍රියාමාර්ගය මගින් රජයේ සෞඛ්‍ය සේවාවන්ට බලපෑම් ඇති විය හැකි අතර, එය ජනතාවගේ සෞඛ්‍ය සේවාවන්ට බලපෑම් ඇති කරනු ඇතැයි සංගමය අනතුරු ඇඟවී තිබේ.
සංගමය වැඩිදුරටත් පවසන්නේ, ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා සඳහා තවදුරටත් අවස්ථාවක් ලැබුණහොත් එය භාවිතා කරන බවත්, නැතහොත් ජනවාරි 23 සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවත්ය.