ආපදා වන්දි ගෙවීමෙන් ග්‍රාම නිලධාරීන් ඉවත්වෙලා, හේතුව මෙන්න

Report

මෙරටට බල පෑ දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානිවලට ලක්වූ නිවාස වෙනුවෙන් රජයෙන් ලබාදෙන රුපියල් ලක්ෂ පහක දීමනාව ගෙවීමේ කටයුතුවලින් අද (19) සිට ඉවත්වීමට ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය තීරණය කර ඇත.

ආපදා වලට ලක්වූ නිවාස වෙනුවෙන් රජයෙන් අදාළ ගෙවීම් සිදු කිරීමට අදාල චක්‍රලේකයෙහි පවතින අඩුපාඩු හේතුවෙන් මෙම තීරණය ගත් බව එම සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ මහතා සදහන් කර තිබේ.

නන්දන රණසිංහ මහතා තව දුරටත් සදහන් කළේ අදාළ ගෙවීම් සිදුකිරීමේ ක්‍රියාවලිය විධිමත් ආකාරයෙන් සිදු කිරීමට ආණ්ඩුව කටයුතු කළ බවයි.

මෙරටට දිට්වා සුළි කුණාටුව හේතුවෙ බලපෑ ආපදා තත්වයෙන් අර්ධ හානිවලට ලක්වූ නිවාස වෙනුවෙන් රුපියල් ලක්ෂ 5 දීමනාවක් ලබා දීමට රජය තීරණය කර ඇත .

එහෙත් ඊට අදාළව නිකුත් කර ඇති චක්‍රලේඛයේ බරපතළ අඩුපාඩු තිබෙන බව චෝදනා කරමින් ප්‍රාදේශීය ලේකම් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයත්, රජයේ ගණකාධිකාරිවරුන්ගේ සංගමයත් ගෙවීම් කටයුතුවලින් ඉවත් ව තිබේ.

ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය ප්‍රකාශ කරන්නේ ඉන්පසු එම දීමනාව ගෙවීමේ වගකීම ග්‍රාම නිලධාරින් වෙත පැවරුණු අතර අද සිට තමන්ද එම මුදල් ගෙවීමේ කටයුතුවලින් ඉවත්වන බවයි.

 තවද ඔවුන් චෝදානා කරනු ලබන්නේ ආපදා රාජකාරීවල නිරතවන තමන්ට ඒ වෙනුවෙන් ප්‍රමාණවත් දීමනාවක් හිමි නොවන බවයි.