අද තරඟයෙන් ශ්‍රී ලංකාවෙන් ලෝක වාර්තාවක් තබයි..

Cricket Sri Lanka Dimuth karunarathne Western Indian Ranjan madugalle
By Aruna Nov 21, 2021 08:04 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක රංජන් මඩුගල්ලේ, අද (21) ආරම්භ වූ ශ්‍රී ලංකා කොදෙව් පළමු ටෙස්ට් තරගයේ තීරකවරයා ලෙස ද කටයුතු කරමින්, ටෙස්ට් තරග 200ක තරග තීරක ලෙස කටයුතු කළ ලොව පළමු වැන්නා බවට පත්ව තිබෙනවා.

මේ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග මේ වනවිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළැමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය අර්ධ ශතකය ලබා ගැනීමට නායක දිමුත් කරුණාරත්න මීට ස්වල්ප මොහොතකට පෙර සමත් වුණා.

දිමුත් විසින් සිය 26 වැනි ටෙස්ට් ශතකය ලබා ගත්තේ පන්දු 118කට මුහුණදෙමින්. ඊට හතරේ පහර 05ක් ඇතුළත්.

මේ වනවිට කිසිදු කඩුල්ලක් නොදැවී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 38ක් අවසානයේ ලකුණු 96ක් ලබා සිටිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha