ශ‍්‍රී ලංකාව ලෝකයේ කොරෝනා මරණ අනුපාතය තුන් ගුණයක් පසු කරයි.

Covid 19 WHO Isolated
By Sithumi Aug 14, 2021 05:44 PM GMT
Sithumi

Sithumi

Report

දෛනික ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවට සාපේක්ෂව දෛනික ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව පවතින්නේ සියයට 1.4 ක් වැනි අඩු අගයකය. නමුත් ශ්‍රී ලංකාවේ එම අගය මෙලෙස සියයට 5ක් වැනි ඉහළ අගයක් ගැනීම වසංගතයේ දරුණුකම පෙන්වන කදිම සාධකයකි.

අගෝස්තු 11 හා 12 දින දෙක සැලකීමේදී ආසාදිතයින්ට සාපේක්ෂව කොවිඩ් මරණවල ප්‍රතිශතය සියයට 5ක් තරම් ඉහළ අගයක් ගෙන තිබේ. අගෝස්තු 6 වනදා වාර්තා වූ ආසාදිතයින් ප්‍රමාණයට අනුව එදින සිදුවී ඇති මරණ ප්‍රතිශතය සියයට 3.5 කි.

එම අගය 3.3ක්, 3.7ක්, 3.9ක්, 4.2ක් වශයෙන් ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කර ඇති බව මින් පැහැදිලි වෙයි. ගෙවුණු දින 10 තුළ පමණක් මෙරට කොවිඩ් මරණ 1,130 ක් වාර්තා වී තිබේ. එය සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් පහෙන් එකක් වීම බරපතළ තත්ත්වයකි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now