අද සිට දිවයින පුරා කරන්න යන වැඩේ මෙන්න.

Covid Sri Lanka Booster vaccines
By Aruna Nov 17, 2021 02:14 AM GMT
Aruna

Aruna

Report

අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට කොරෝනා බූස්ටර් එන්නත ලබාදීමේ කටයුතු අද ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ, ඒ අනුව බස්නාහිර, දකුණ යන පළාත්වලත්, අනුරාධපුරය සහ අම්පාර යන දිස්ත්‍රික්කවලත් මෙම කටයුතු ආරම්භ කරන බවයි. එසේම පුද්ගලයින් 120,485 දෙනෙකුට මේ වනවිට බූස්ටර් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දී තිබෙනවා.

පාසල් සිසුන් ලක්ෂ 10කට මේ වනවිට ෆයිසර් එන්නත ලබා දී අවසන් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.

මේ වනවිට පුද්ගලයින් 15,883,630 දෙනෙකුට කුමන හෝ කොරෝනා එන්නතක පළමු මාත්‍රාව ලබා දී ඇති අතර, මාත්‍රා දෙක ම ලබා දී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 13,674,957ක්.

ඊයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 720 දෙනෙකු හඳුනාගත් අතර, ඒ සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 552,334 52 දක්වා ඉහළ ගියා.

එසේම, පෙරේ දා සිදු වූ කොරෝනා ආසාදිත පුද්ගල මරණ 18 ද සමඟ මෙරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව ඉහළ ගියේ, 14,034ක් ලෙසයි.

මේ අතර, සෞඛ්‍ය මාර්ගෝපදේශ තරයේ අනුගමනය කරමින් මේ මස 28 වැනි දා සිට දහම් පාසල් විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

ඒ අනුව දහම් පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් දෙමව්පියන් සහ අනෙකුත් අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කර සුදුසු වැඩපිළිවෙළක් සකස් කර ගන්නා ලෙසයි, සියලු ම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලවල ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා වෙත ලිපියක් යොමු කරමින් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

එළැඹෙන 21 වැනි දා ඊට අදාළ පූර්ව සූදානම් කටයුතු සිදුකරන ලෙසද එමඟින් දැනුම් දී තිබෙනවා. එමෙන්ම පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන දැනට ස්ථිර හා තාවකාලික පදනමින් සේවයේ යෙදී සිටින හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය ලබන දෙසැම්බර් 31 වැනි දා දක්වා දීර්ඝ කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now