බැටරි සූර්ය බලය සති 2කින් ජාතික පද්ධතියට එකතු වේ
බැටරියෙන් ගබඩා කරන සූර්ය බලශක්තිය තවත් සති දෙකකින් ජාතික පද්ධතියට බැටරි මඟින් ගබඩා කරනු ලබන සූර්ය බලශක්තිය තවත් සති දෙකකින් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් වෙමින් පවතී.
මෙය මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ඓතිහාසික සන්ධිස්ථානයක් මෙන්ම පොදු ජනතාව ලබන සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස ද සනිටුහන් වනු ඇත.
මෙම ව්‍යාපෘතියට අදාළව දිවයින පුරා පිහිටි විදුලිබල සම්ප්‍රේෂණ උපපොළවල් 16 කට සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇති වාණිජ මට්ටමේ බැටරි බලශක්ති පද්ධතිවල ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින අතර, අදාළ බැටරි පද්ධති පසුගිය මාස කිහිපය තුළ අවස්ථා තුනකදී කොළඹ සහ ත්‍රිකුණාමලය වරායයන් හරහා මෙරටට ගෙන එනු ලැබීය.
ගාල්ල බටදූව ප්‍රදේශයේ පිහිටි ගැලලිබේස් සමාගම මඟින් ගාල්ල උපපොළ ආසන්නයේ ඉදිකරනු ලබන ව්‍යාපෘතියේ කටයුතු ද මේ වන විට අවසන් අදියරට පැමිණ ඇත.
මෙම පද්ධතිය මඟින් සිදු කෙරෙන්නේ දිවා කාලයේදී සූර්ය පැනල හරහා උත්පාදනය වන අතිරික්ත විදුලිය උපපොළවල් මඟින් බැටරි පද්ධතිවල ගබඩා කර තබා ගැනීමයි.
පසුව අධික විදුලි ඉල්ලුමක් පවතින රාත්‍රී කාලයේදී එම ගබඩා කළ විදුලිය නැවතත් උපපොළවල් හරහා ජාතික විදුලිබල පද්ධතියට එක් කරනු ලබයි. මෙම ක්‍රියාවලිය හරහා ජාතික විදුලිබල පද්ධතිය අස්ථාවර වීම වැළැක්වෙන අතරම, රාත්‍රී කාලයේ විදුලි උත්පාදනය සඳහා ඩීසල් බලශක්තිය මත තබන පරායත්තතාව අවම කර ගැනීමට ද හැකියාව ලැබේ.
එක් ව්‍යාපෘතියකින් මෙගාවොට් 10 ක බලශක්තියක් ජාතික පද්ධතියට එක් කිරීමට සැලසුම් කර ඇති අතර, බලශක්ති අමාත්‍යාංශයේ NSO සමාගම මඟින් මෙහි පාලන හා කළමනාකරණ කටයුතු සිදු කරනු ලබයි.
මීට අමතරව, මෙවැනි තවත් උපපොළවල් 23 ක් සඳහා බැටරි පද්ධති සවිකිරීමට අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින අතර, එමඟින් අතිරේකව මෙගාවොට් 160 ක බලශක්තියක් ජාතික පද්ධතියට එක්වීමට නියමිතය.
ලබන සැප්තැම්බර් මාසයේ මුල් සතිය වන විට මෙම බැටරි ගබඩා බලශක්ති පද්ධතිය ජාතික විදුලිබල පද්ධතියට සක්‍රීයව සම්බන්ධ කිරීමට රජය අපේක්ෂා කරන අතර, මෙමඟින් අත්පත් කරගන්නා ආර්ථික හා බලශක්ති ප්‍රතිලාභ ඉදිරියේදී පාරිභෝගිකයා වෙත ලබාදීමට ද නියමිතය.