මේ රජය රට විනාශ කරනවා දැන් දැන් ඒකාධිපති පාලනයකට උත්සාහ කරනවා - විපක්ෂ නායක් සජිත්

Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කරයිවත්මන් රජය පවසන පරිදි "පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක්" නිර්මාණය වන්නේ ගොවියා, ධීවරයා, ව්‍යවසායකයා සහ කර්මාන්තකරුවන්ට ශක්තිය දී අධ්‍යාපනය හා සෞඛ්‍ය ක්ෂේත්‍ර නංවාලීමෙන් නොව අධිකරණ පද්ධතියේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමෙන් දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි.

කිරින්ද ධීවර වරාය ආශ්‍රිතව සිය ජීවිකාව ගෙන යන ධීවර ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳ සොයා බැලීම සඳහා එක්වූ අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.

සියලුම ගුරුවරුන්ට සුභ පණිවිඩයක් - ගුරු සේවය වෙනුවෙන් රජයෙන් කරන්න යන දේ මෙන්න

සියලුම ගුරුවරුන්ට සුභ පණිවිඩයක් - ගුරු සේවය වෙනුවෙන් රජයෙන් කරන්න යන දේ මෙන්න

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා සඳහන් කළේ, රජය ජනතාවගේ ප්‍රශ්න අමතක කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා රටත් ප්‍රජාතන්ත්‍රවාදයත් විනාශ කර ඒකාධිපති පාලනයක් ස්ථාපිත කිරීමට උත්සාහ කරන බවයි.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වන මරු පහරක් වන අතර, එමඟින් නීතියේ ආධිපත්‍ය බිඳවැටී එක පක්ෂයක් රටම පාලනය කරන යුගයක් බිහිවන බවද ඔහු අවධාරණය කළේය.

එමෙන්ම ජනතාව පිට පටවා ඇති බදු අඩු කරන බවටත්, විදුලි බිල 33%කින් පහත හෙළන බවටත්, වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා දෙන බවටත් දුන් පොරොන්දු කිසිවක් ඉටු වී නොමැති බව පැවසූ සජිත් ප්‍රේමදාස මහතා, ගොවි හා ධීවර උපකරණවලට මෙන්ම පාසල් උපකරණවලට පවා වැට් බදු  පනවමින් ජනතාව අසීමිත ආර්ථික පීඩනයකට ලක්කර ඇති බව ද පෙන්වා දුන්නේය.

පවතින කර්මාන්තශාලා රට අතහැර යාම නිසා රැකියා ප්‍රශ්නය උග්‍ර වී ඇති අතර, දුප්පත්කම 30%-40% දක්වා ඉහළ ගොස් තිබුණ ද ඊට විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වී තිබේ.

විභාග දෙපාර්තමේන්තුවේ තොරතුරු අනතුරේද? විභාග ප්‍රථිපල මොකද වෙන්නේ?

විභාග දෙපාර්තමේන්තුවේ තොරතුරු අනතුරේද? විභාග ප්‍රථිපල මොකද වෙන්නේ?

අතීතයේදී "දැන් සැපද?" යනුවෙන් වේදිකාවල ප්‍රශ්න කළ නායකයන්ගේ ප්‍රතිපත්ති හමුවේ අද ජනතාව අපේක්ෂා කළ "පොහොසත් රට සහ ලස්සන ජීවිතය" සැබෑ ලෙසම බිහි වී ඇත්දැයි ජනතාව විසින්ම තීරණය කළ යුතු බව සඳහන් කළ විපක්ෂ නායකවරයා, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්තවලට අනුව ජීවත් වීමට එක් අයෙකුට මසකට රුපියල් 17,000ක් ප්‍රමාණවත් බව පැවසුව ද වත්මන් ජීවන වියදම හමුවේ දින 30ක් ජීවත් වීමට එම මුදල ප්‍රමාණවත් ද යන්න පිළිබඳව ද ප්‍රශ්න කළේය.