මහ බැංකුවෙන් මුළු ලංකාවටම අසුබ ආරංචියක් - ණය ලබාදීම පිළිබඳව දැනුම්දීමක්

Report

2026 වසරේ දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ ණය ලබාදීමේ කැමැත්ත ඉහළ ගියද, පළමු කාර්තුවට සාපේක්ෂව එහි වර්ධන වේගය මන්දගාමී වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම ණය සැපයුම් සමීක්ෂණයෙන් අනාවරණ වී තිබේ.

පසුගිය මැයි මාසයේදී සිදුකළ මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමත් සමඟ ඇති වූ තද මුදල් තත්ත්වය මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත.

වාහන අමතර කොටස් හා ලිහිසි තෙල් මිලදී ගන්නා පාර්භෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - මේ තොරතුරු වෙතොත් වහාම අමතන්න

වාහන අමතර කොටස් හා ලිහිසි තෙල් මිලදී ගන්නා පාර්භෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - මේ තොරතුරු වෙතොත් වහාම අමතන්න

බලපත්‍රලාභී වාණිජ බැංකු සහ විශේෂිත බැංකු ආවරණය කරමින් පවත්වන ලද මෙම සමීක්ෂණයට අනුව සිල්ලර, ආයතනික, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ රාජ්‍ය ව්‍යවසාය යන සියලු අංශ සඳහා ණය ලබාදීමට බැංකු දැක්වූ කැමැත්ත ඉහළ ගොස් ඇති අතර, ආර්ථිකයේ සිදුවූ යහපත් පරිවර්තනය, ප්‍රතිපත්තිමය ස්ථාවරත්වය, සුදුසු ද්‍රවශීලතාව සහ වත්කම්වල ගුණාත්මකභාවය වර්ධනය වීම ඊට හේතු වී තිබේ.

කෙසේ වෙතත්, උද්ධමන පීඩනය, මෙහෙයුම් පිරිවැය ඉහළ යාම, විනිමය අනුපාත අස්ථාවරත්වය සහ මැදපෙරදිග අර්බුදය හමුවේ මතුව ඇති භූ-දේශපාලනික අවිනිශ්චිතතාව හේතුවෙන් තුන්වන කාර්තුවේදීද ණය සැපයුමේ වේගය තවදුරටත් මන්දගාමී වනු ඇතැයි බැංකු පුරෝකථනය කරයි.

කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සහ ආයෝජන සක්‍රීය වීම නිසා දෙවන කාර්තුවේදී සියලුම අංශවල ණය ඉල්ලුම ඉහළ ගියද එහි වර්ධනය මධ්‍යස්ථ මට්ටමක පැවති අතර, විශේෂයෙන්ම රාජ්‍ය ව්‍යවසාය අංශයේ උපායමාර්ගික යටිතල පහසුකම් සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ණය ඉල්ලුම අඛණ්ඩව පැවතිණි.

විශේෂ දැනුම්දීමක් - මේ රාජ්‍ය සේවකයන් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරතවීමට සැළසුම්

විශේෂ දැනුම්දීමක් - මේ රාජ්‍ය සේවකයන් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරතවීමට සැළසුම්

එමෙන්ම සිල්ලර අංශයේ අක්‍රීය ණය  පහළ යාම නිසා සමස්ත NPL මට්ටම පහත වැටුණද, විනිමය අනුපාත අවප්‍රමාණය වීම සහ බාහිර බලපෑම් හමුවේ ණය ගැතියන්ගේ ආපසු ගෙවීමේ හැකියාව දුර්වල වීම නිසා ආයතනික, SME සහ SOE අංශවල NPL ප්‍රමාණය ඉහළ ගොස් ඇත.

මේ අතර ආයතනික සහ රාජ්‍ය අංශයේ ණය අයදුම්පත් ප්‍රතික්ෂේප වීමේ අනුපාතය පහළ ගියද, දැඩි අවදානම් ඇගයීම් සහ කළමනාකරණ නිර්ණායක ක්‍රියාත්මක කිරීම හේතුවෙන් සිල්ලර හා SME අංශවල ණය අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීම් ඉහළ ගොස් ඇති බව ද මහ බැංකුව පෙන්වා දෙයි.