වාහන අමතර කොටස් හා ලිහිසි තෙල් මිලදී ගන්නා පාර්භෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - මේ තොරතුරු වෙතොත් වහාම අමතන්න

Report

රුපියල් ලක්ෂ 50කට ආසන්න වටිනාකමකින් යුත් ප්‍රමිතියෙන් තොර වාහන අමතර කොටස් සහ ලිහිසි තෙල් තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් භාරයට ගෙන ඇත.

ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ තරගකාරීත්ව ප්‍රවර්ධන අංශයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත්තේ කඩවත – ගනේමුල්ල පාරේ, පාසල් මාවත ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසලක් ඉලක්ක කරගෙන බව සඳහන්.

මෙසේ නීති ක්‍රියාත්මක කර ඇත්තේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අංක 85 සහ 88 දරන විධාන උල්ලංඝනය කරමින් ලිහිසි තෙල් හා වාහන අමතර කොටස් අලෙවි කිරීම සහ ගබඩා කර තැබීම, විකුණන භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකිරීම ඇතුළු නීති විරෝධී ක්‍රියාකාරීත්වයන් හේතුවෙන්.

ගැසට් පත්‍රයකින් මෙම රාජ්‍ය සේවකයන් බඳවා ගැනීමේ කාලය දීර්ඝ කරන බවට විශේෂ දැනුම්දීමක් - තනතුරු රැසකට අයදුම්පත්

ගැසට් පත්‍රයකින් මෙම රාජ්‍ය සේවකයන් බඳවා ගැනීමේ කාලය දීර්ඝ කරන බවට විශේෂ දැනුම්දීමක් - තනතුරු රැසකට අයදුම්පත්

එමෙන්ම මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ නිලධාරීන් විසින් මුද්‍රා තබා ඇති අතර, අදාළ වෙළෙඳ භාණ්ඩවල සාම්පල ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා රැගෙන ගොස් තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, වෙළෙඳසැල් හිමිකරුට සහ අදාළ වෙළෙඳ නියෝජිතයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

තව යුද්ධයක් එනවා.. මාර්තු අවසන් වෙනකොට IMF ගිවිසුම අවසානයි - ලංකාවම තැති ගන්වමින් රටේ ආර්ථිකය ගැන රනිල් ගෙනාව අසුබ ආරංචිය

තව යුද්ධයක් එනවා.. මාර්තු අවසන් වෙනකොට IMF ගිවිසුම අවසානයි - ලංකාවම තැති ගන්වමින් රටේ ආර්ථිකය ගැන රනිල් ගෙනාව අසුබ ආරංචිය

එසේම වාහන අමතර කොටස් සහ ලිහිසි තෙල් මිලදී ගැනීමේදී ඒ පිළිබඳව දැඩි වශයෙන් සැලකිලිමත් වන ලෙසත්, භාණ්ඩයේ මිල, තත්ත්වය සහ අදාළ ප්‍රමිතීන් නිවැරදි දැයි තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඒවා මිලදී ගන්නා ලෙසත් බලධාරීන් පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.

තවද සැක කටයුතු වාහන අමතර කොටස් හෝ ලිහිසි තෙල් අලෙවි කරන ස්ථාන පිළිබඳ තොරතුරු වෙතොත්, කාර්යාල වේලාවන් තුළ 1977 පාරිභෝගික කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන ලෙස දන්වා සිටියි.

මුහුදු රළ උස ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් - මේ ප්‍රදේශවලින් මුහුදු රළ ගොඩබිමට එයි.. සූදානම් වන්නැයි දන්වයි

මුහුදු රළ උස ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් - මේ ප්‍රදේශවලින් මුහුදු රළ ගොඩබිමට එයි.. සූදානම් වන්නැයි දන්වයි

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් නිවේදනයක් - පළාත් කිහිපයකට වැසි, ප්‍රදේශ රැසකට තද සුළං

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් නිවේදනයක් - පළාත් කිහිපයකට වැසි, ප්‍රදේශ රැසකට තද සුළං