දිවා විවේකය වනවිට ශ්‍රී ලංකාව කඩුලු 3ට ලකුණු 95යි
ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී අද (25) ආරම්භ වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දිවා විවේකය වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 95ක් ලබා සිටියේය.
කාසියේ වාසිය දිනාගත් කොදෙව් නායක රොස්ටන් චේස් පළමුව පන්දු යැවීමට තීරණය කරමින් ශ්‍රී ලංකාවට පළමුව පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර තිබිණි.
ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ පැතුම් නිස්සංක සහ නිශාන් මධුෂ්ක අතර සබඳතාව ලකුණු 2කට සීමා විය. අනතුරුව දිනේෂ් චන්දිමාල් සමඟ එක්වූ නිශාන් මධුෂ්ක දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 40ක සබඳතාවක් ගොඩනැගීය.
කෙසේ වෙතත්, මුළු ලකුණු 42ක් වන විට නිශාන් මධුෂ්ක දැවී ගිය අතර, ඉන්පසු පිටියට පිවිසි කමිඳු මෙන්ඩිස් පළමු පන්දුවෙන්ම දැවී යාම ශ්‍රී ලංකා ඉනිමට බලපෑමක් එල්ල කළේය.
ඉන්පසු සිව්වන කඩුල්ල සඳහා දිනේෂ් චන්දිමාල් සහ නායක ධනංජය ද සිල්වා එක්ව ඉනිම ස්ථාවර කරමින් දිවා විවේකය වනවිට නොදැවී ලකුණු 53ක සබඳතාවක් ගොඩනැගීය.
ඒ වනවිට දිනේෂ් චන්දිමාල් පන්දු 55කින් ලකුණු 40ක්ද, ධනංජය ද සිල්වා පන්දු 44කින් ලකුණු 25ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.
තරග දෙකකින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලිය ICC ලෝක ටෙස්ට් ශූරතාවලියට සමගාමීව පැවැත්වේ.