හෙද සේවයට එන්න ඉන්න ඔයාට සතුටු හිතෙන ආරංචියක් - ඔක්තෝබර් මාසයේදී 2,800කට අධික පිරිසකට පත්වීම්
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී හෙද හෙදියන් 2,847 දෙනෙකුට පත්වීම් ලබාදීමට සැලසුම් කර ඇති බවයි.
ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ කොළඹ හෙද විදුහලේ 2021 කණ්ඩායමේ සිසු හෙද හෙදියන් සඳහා හිස්වැසුම් පැලදවීම සහ සේවයට කැපවීම සංකේතවත් කිරීමේ උත්සවයට එක්වෙමිනි.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ 2028 මාර්තු මාසයේදී තවත් 1,949 දෙනෙකුටත්, එම වසරේ අගෝස්තු මාසයේදී 2,920 දෙනෙකුටත් හෙද පත්වීම් ලබාදීමට සැලසුම් කර ඇති බවයි.
මිනිස්සුන්ගේ ආධ්‍යාත්මය කඩාගෙන වැටෙනවා - බුදුදහමට තියෙන ආදරේ නිසා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කියපු කම්පා කරවන කතාව
2030 වන විට හෙද සේවාව සඳහා සමස්ත වශයෙන් 13,600 දෙනෙකු බඳවා ගැනීමට අපේක්ෂා කරන අතර, එම ඉලක්කයෙන් 50%ක් මෙම වසර අවසන් වීමට පෙර සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම හෙද සේවාවට එක්වන සියලු දෙනාගේ වැටුප් වැඩි කිරීමට රජය කටයුතු කර ඇති බවත්, අවම පහසුකම් යටතේ ක්‍රියාත්මක වන හෙද විදුහල් සංවර්ධනය කිරීමටද පියවර ගනිමින් සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.
ඉඩම් ඔප්පු, පත්ඉරු ගන්න රස්තියාදු වුණු කාලය ඉවරයි- ලංකාවේ සියලුම ඉඩම් ජාලගත කරන්න අමාත්‍යංශයෙන් ගත්තු දැවැන්ත පියවර මෙන්න
හෙද විශ්ව විද්‍යාලයක් පිහිටුවීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සමග මේ වන විට සැලසුම් සකස් කරමින් සිටින බවද ඔහු අවධාරණය කළේය.
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව සංවර්ධනය කිරීමේදී හෙද සේවාව ඉතා වැදගත් භූමිකාවක් ඉටු කරන බවත්, එය ගෞරවනීය වෘත්තියක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.