සාගර සහ ජොන්ස්ටන් ආ රැස්වීම වර්ජනය කරයි - නුවරඑළිය පොහොට්ටුව දෙකට බෙදෙයි

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, ලේකම්, භාණ්ඩාගාරික ඇතුළු එම පක්ෂයේ නායකයන් අට දෙනෙකුට ජූලි 31 දින නුවරඑළිය දිසා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කර තිබේ.

නුවරඑළිය දිසා අධිකරණයේ දිසා විනිසුරු ලංකාගනී ප්‍රබුද්ධිකා මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, තලවකැලේ ලිදුල නගර සභාවේ හිටපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නාගරික මන්ත්‍රී ඔරුකද ලියනගේ අසංක සම්පත් පීරිස් මහතා ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.

පෙත්සම්කරු සිය පෙත්සමෙන් සඳහන් කර ඇත්තේ, ජූනි 17 දින නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් තමන් නාගරික මන්ත්‍රී ධුරයෙන් ඉවත් කර ඇති බව ප්‍රකාශ කිරීමෙන් තමන්ට අසාධාරණයක් සිදුව ඇති බවයි.

නීතීඥ රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ රක්ෂිත බන්ධනාගාරයට

නීතීඥ රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ රක්ෂිත බන්ධනාගාරයට

ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, 2025 ජූනි 18 දින නගර සභාවේ සභාපති හා උපසභාපති තෝරා පත්කර ගැනීමේ අවස්ථාවේදී පක්ෂය විසින් ලිඛිත හෝ වාචික උපදෙස් කිසිවක් ලබා නොදුන් බැවින් ස්වාධීනව කටයුතු කළ බවත්, ඒ හේතුවෙන් විනය පරීක්ෂණයක් පවත්වා තමන් පක්ෂයෙන් නෙරපා හැරීම අසාධාරණ බවත්ය.

කෙසේවෙතත්, පක්ෂය පවසන්නේ ප්‍රසාද ආසන මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වූ අසංක සම්පත් පීරිස් මහතා පක්ෂ උපදෙස්වලට පටහැනිව කටයුතු කළ බවට පැවැති විනය පරීක්ෂණයකදී වැරදිකරු බවට තීරණය වූ බැවින් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ බවයි. එම තීරණය මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දීමෙන් අනතුරුව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගෙන ඇති බවද පක්ෂය සඳහන් කරයි.

අනියම් සම්බන්ධතා 3ක් තිබ්බා ඒවා බිරිඳට කියන්න බය වුණ නිසා එප්ස්ටයින් මාව බ්ලැක්මේල් කළා - ප්‍රකට බිලියනපති බිල්ගේට්ස්ගෙන් පාපොච්චාරණයක්

අනියම් සම්බන්ධතා 3ක් තිබ්බා ඒවා බිරිඳට කියන්න බය වුණ නිසා එප්ස්ටයින් මාව බ්ලැක්මේල් කළා - ප්‍රකට බිලියනපති බිල්ගේට්ස්ගෙන් පාපොච්චාරණයක්

මේ අතර, පසුගියදා නුවරඑළිය සමුපකාර හෝටලයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් රැස්වීමට සහභාගී නොවූ නුවරඑළිය දිස්ත්‍රික් නායකයින් සහ ආසන සංවිධායකවරුන් වෙත නිදහසට කරුණු විමසමින් පක්ෂය ලිපි යොමු කර ඇති බවද වාර්තා වේ.

එම රැස්වීම පක්ෂ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.