කාසියේ වාසිය කොදෙව්වන්ට - ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දෙයි

Report

සෝබර්ස් - තිසේරා කුසලානය සඳහා පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ විය.

කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් නායකයා පළමුව පන්දු යැවීමට තීරණය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පහරදීමේ අවස්ථාව ලබා දුන්නේය.

තරගයේ ආරම්භක අදියරේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 11ක් රැස් කරගෙන සිටියේය.

මෙම තරගයට නවක දඟ පන්දු යවන ක්‍රීඩක සොනාල් දිනූෂ සහ තුන් ඉරියව් ක්‍රීඩක මිලාන් රත්නායක කැඳවා ඇති අතර, වේගපන්දු බලඇණිය ලෙස කසුන් රාජිත, ළහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු කණ්ඩායමට ඇතුළත් කර තිබේ.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර මේ දක්වා ටෙස්ට් තරග 24ක් පවත්වා ඇති අතර, ඉන් තරග 11ක ජය ශ්‍රී ලංකාව සතු වේ. කොදෙව් කණ්ඩායම තරග 4ක් ජයගෙන ඇති අතර, තරග 9ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.

ඉතිහාසය දෙස බලන විට ශ්‍රී ලංකාවට වාසිදායක වාර්තාවක් පැවතියද, මෙම තරගාවලිය දෙපාර්ශ්වයටම වැදගත් අභියෝගයක් ලෙස සැලකේ.