මුළු රටම බලාසිටින ශ්‍රී ලංකා කොදෙව් තීරණාත්මක තරගය අදයි..
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන සහ අවසන් 20යි 20 තරගය අද (17) පැවැත් වෙනවා.
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතව තිබේ.
තරගාවලියේ පැවති තරග දෙක එකට එකක් ලෙස ජය ගනිමින් කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවන බැවින් මෙම තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක තරගයක් බවට පත්ව ඇත.
පළමු 20යි 20 තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 5කින් ජයගත් අතර, දෙවන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 73කින් ජය ජයග්‍රහණය කරනු ලැබීය.