ලෝක කුසලානයට යන්නත් අද තරඟය තීරණාත්මකයි...කුමාගෙන් විශේෂ ප්‍රකාශයක්(VIDEO) ...
Cricket
Sri Lanka
South African
Icc worl cup
By Aruna
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර 3 වන මෙන්ම අවසාන එක්දින තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අද පැවැත්වෙනවා.
මේ වනවිට කණ්ඩායම් 2 ම තරග 1 බැගින් ජයගෙන ඇති අතර, තරගාවලිය ජයග්‍රහණය කරන්නේ අද ජය ගන්නා කණ්ඩායම යි.
අයි.සී.සී නවතම ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අප්‍රිකාව 05 වන ස්ථානයේ පසුවන අතර, ශ්‍රී ලංකාව පසුවන්නේ 09 වන ස්ථානයේ යි.
එමෙන්ම, මෙම තරගාවලිය ජයග්‍රහණය කරමින් අයි.සී.සී. සුපර් ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු 10ක් ලබා ගැනීම 2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඍජු ව සුදුසුකම් ලැබීමට කණ්ඩායම් දෙකට ම වැදගත් වනු ඇති.
මේ අතර අද පැවැත්වෙන අවසන් ක්‍රිකට් තරඟය පෙර ජාත්‍යන්තර විනිසුරු කුමාර් ධර්මසේන මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළා.
එම ප්‍රකාශය පහත වීඩියෝවෙන් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
