අද තරගයෙන් ශ්‍රී ලංකා ලෝක කුසලාන සිහිනයට අත්වූ ඉරණම මෙන්න..

Report

ශ්‍රී ලංකා - නේපාල කණ්ඩායම් අතර අද (12) පැවැත්වීමට තිබූ තරගය වර්ෂාව හේතුවෙන් නවතා දැමිමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව ශ්‍රී ලංකා - නේපාල කණ්ඩායම් දෙකටම ප්‍රසාදා ලකුණු එක බැගින් හිමිව ඇත.

අද තරගය ගැන වේගපන්දු යවන මතීෂ පතිරණ හෙළි කළ දේ මෙන්න..

අද තරගය ගැන වේගපන්දු යවන මතීෂ පතිරණ හෙළි කළ දේ මෙන්න..


ඒ මේ වනවිටත් Lauderhill, Florida හි තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය ආශ්‍රිත ප්‍රදේශයට පතිත වන අධික වර්ෂාව හේතුවෙන් බවයි පැවසෙන්නේ.

ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 05.00ට ආරම්භ කිරීමට සූදානම්ව සිටි මෙම තරගය මෙලෙස අතහැර දැමුණා.

නැගෙනහිර මෙක්සිකෝ බොක්කෙහි නිවර්තන කැළඹීමක් හේතුවෙන් ලෝඩර්හිල් ප්‍රදේශයට අද අඟල් 2 කට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බවයි, .ක්‍රිකට් විස්තර විචාරකයින් සඳහන් කළේ.

අද සහ 26 වන දින දිවයින පුරා පාසල් නිවාඩුයි කියන කතාවේ ඇත්ත නැත්ත මෙන්න..

අද සහ 26 වන දින දිවයින පුරා පාසල් නිවාඩුයි කියන කතාවේ ඇත්ත නැත්ත මෙන්න..


කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව සහ නේපාලය අතර අද පැවැත්වීමට තිබූ තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා තීරණාත්මක තරගයක් වීමද විශේෂත්වයක්.

ඒ මෙම තරගාවලියේ මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වී තිබීම හේතුවෙන් සුපිරි අට දෙනාගෙ වටයට සුදුසුකම් ලබා ගැනීමේ එක් පියවරක් ලෙස මෙම තරගය ජය ගැනීම අනිවාර්‍ය වී තිබුණා.