ඉන්දියාවෙන් ලංකාවට ලැබුණු දේ...මෙන්න සුබ පණිවුඩයක්..
Sri Lanka
Ministry of Health Sri Lanka
India
By Aruna
ඉන්දීය ජනතාවගේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබුණු රුපියල් බිලියන 2 කට අධික ඖෂධ සහ කිරිපිටි මෙන්ම සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොගය රැගත් නෞකාව ඊයේ පස්වරුවේ කොළඹ වරායට ලගා වුණා.
එහිදී එම ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගය නිල වශයෙන් මෙරටට භාරදීම සිදුවුණේ මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේගේ ද සහභාගීත්වයෙන්.
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්, වරාය හා නාවික අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙන්ම හිටපු අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන සහ සාගල රත්නායක ද එම අවස්ථාව සහභාගී වුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |