ආසියාවේ දුප්පත්ම රටවල් අතරට ශ්‍රී ලංකාවත්..

Yahoo Sri Lanka Economic Crisis Sri Lanka Economy of Sri Lanka World Economic Crisis
By krishani May 24, 2023 05:17 AM GMT
krishani

krishani

Report

ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් වී ඇති බව යාහු ෆයිනෑන්ස් වෙබ් අඩවිය සඳහන් කරයි.

ඒ ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ය.

2021 වසරේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය මත පදනම්ව මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර තිබෙනවා.

ඒ අනුව ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතර 17 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව ඇත.

ශ්‍රී ලංකාවේ 2021 වසරේ ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 5,555 ක් වේ.

මෙම ශ්‍රේණිගත කිරීමේ පළමු වැනි ස්ථානය උතුරු කොරියාවට හිමි වී ඇති අතර 2021 වසරේ එහි ඒ පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 931 ක් වන අතර දෙවැනි සහ තුන්වැනි ස්ථාන ඇෆ්ගනිස්තානයට සහ ටජිකිස්තානයට හිමිව ඇත.

ඒ එම රටවල ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පිළිවෙළින් ඇමෙරිකානු ඩොලර් 1149 සහ 1561 ක් වේ.

මෙම ශ්‍රේණිගත කිරීමේ 20 වැනි ස්ථානය මොංගෝලියාවට හිමි වී ඇති අතර එහි 2021 වසරේ ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 7178 ක් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join