ප්‍රභල ඇමතිවරයකු.. රන් භාණ්ඩ තොගයක් සමග රේගුවේදි හසුවේ.. (PHOTOS)
නිතීවිරෝධි ලෙස රත්‍රන් රැගෙන ඒම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාගෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් සිටින බව ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පවසනවා.
නිතීවිරෝධි ලෙස රත්‍රන් කිලෝ 3යි ග්‍රෑම් 397ක් මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් අද පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැණුණු අතර එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 74කට ආසන්න බවට ගණන් බලා තිබෙනවා
මේ අතර මන්ත්‍රීවරයාගේ ගමන්මල්ලේ තිබී ජංගම දුරකථන තොගයක් ද සොයාගැනීමට රේගු පරීක්ෂක නිලධාරීන් සමත්ව ඇති අතර එහි තිබී ස්මාට් ජංගම දුරකථන 91ක් හමුවී ඇති අතර එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 4.2ක් ලෙසට ගණන් බලා තිබෙනවා. අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ ඔරුගොඩවත්තේ පිහිටි ජංගම ශාඛාව වෙත අද (23) පස්වරුවේ රැගෙන එනු ලැබුවා.
මුස්ලිම් ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා අද පෙරවරු 9.45ට දිවයිනට පැමිණ තිබුණේ ඩුබායි සිට පැමිණි FZ5547 ගුවන් යානයකින් වන අතර අනතුරුව ඔහු ගුවන්තොටුපොළේ ප්‍රභූ පර්යන්තයෙන් මෙරටට ඇතුළුවීමට උත්සාහ දැරීමේදී රේගු නිලධාරින්ගේ පරීක්ෂාවට ලක්වී තිබෙනවා.
පැය 5කට ආසන්න කාලයක් ගුවන්තොටුපළේ රඳවාගෙන මූලික ප්‍රශ්න කිරීමකින් අනතුරුව ඒ මහතා එහි රැගෙන එනු ලැබුවා. රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ සෘජුව පාලනය වන අංශයක් වන ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරින් මෙලෙස මන්ත්‍රීවරයා පරීක්ෂාවට ලක්කර ඇත්තේ ලැබුණු විශේෂ තොරතුරකට අනුවය.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා සතුව තිබී නීතිවිරෝධි ලෙස මෙරටට රැගෙන ආ කිලෝග්‍රෑම් 3.5ක් බරැති රත්‍රං බිස්කට් තොගයක් හමුවී තිබෙන අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා,
"නීතිය ක්‍රියාත්ම කිරීමේදී රජය බලපෑමක් කරන්නේ නැහැ. රේගුව නීතිය ක්‍රියාත්ම කරයි. රත්‍රන් රාජසන්තක කරන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. දඩ මුදලක් අය කරන්න කටයුතු කරයි. අද නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් අරන්."




