නවතම වාර්තාවක් අනුව ලෝකයේ ශ්‍රී ලංකාවට හිමි වූ තැන මෙන්න..

Sri Lanka Economy of Sri Lanka
By Aruna Mar 06, 2023 07:17 AM GMT
Aruna

Aruna

Report

බෑන්ඩ් ෆයිනෑන්ස් (Brand finance) ශ්‍රේණිගත කිරීම් දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව, ශ්‍රී ලංකාව ලෝකයේ ආර්ථික අර්බුදයට ලක්වූ රටවල් අතර 115 දක්වා තවත් පහළට ගොස් තිබෙනවා.

එම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව පසුගිය වසරේදී රැඳී සිටියේ 73 වැනි ස්ථානයේය.

බරපතළ ආර්ථික සහ දේශපාලන අර්බුද පැවති සැම්බියාව මියන්මාරය යන රටවල් එම ශ්‍රේණිගත කිරීම් අනුව පිළිවෙලින් 113 සහ 114 යන ස්ථානවල පසුවන අතර ඉරාකය 116 වැනි ස්ථානයේද ලාඕසය 117 වැනි ස්ථානයේ සහ උගන්ඩාව 118 වැනි ස්ථානයේද පසුවන බව ඒ වාර්තාවේ දැක්වේ.

මෙම කරුණු අනාවරණය වූයේ 2023 වසරේ ලොව රටවල් ලබා ඇති ශ්‍රේණිගත කිරීම් සම්බන්ධයෙන් බෑන්ඩ් ෆයිනෑන්ස් ආයතනය පසුගියදා එළි දැක්වූ නවතම වාර්තාවෙනි.

වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ 1948 වසරේ නිදහස ලබා ගැනීමෙන් පසු මුහුණ දෙන බරපතළම ආර්ථික අර්බුදයට ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙමින් සිටින බවයි.

එමෙන්ම මෙම ගෝලීය දර්ශකයට අනුව මෙම වසරේ පසුබෑම අතින් ඉහළම තත්වයක් වාර්තා කරන රට වන්නේද ශ්‍රී ලංකාවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now