හැමදේටම වඩා ලොකුයි ලේ බැම්ම..සහෝදරිය මියගියා කියලා අනෙක් සහෝදරියන් දෙදෙනත් ගමක් හඩවමින් මිය ගිහින්..

By Sewvandhi Oct 15, 2024 05:16 PM GMT
Report

මදුරන්කුලිය කන්ද තොඩුවාව ප්‍රදේශයෙන්එක් සොයුරියකගේ වියෝව දරා ගත නොහැකිව සතියක් වැනි කෙටි කලකදී අනෙක් සොයුරියන් දෙදෙනාද අවාසනාවන්ත ලෙසින් ජීවිතක්ෂයට පත් වූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

මෙසේ මරණයට පත්ව ඇත්තේ කන්දතොඩුවාවේ පදිංචි එකම පවුලේ සොහොයුරින් තිදෙනෙකු වන 77 හැවිරිදි වයලට් පිරිස්,70 හැවිරිදි ලුසි පිරිස්, හා 67 හැවිරිදි ඇනි පිරිස් නැමති එකම පවුලේ සොහොයුරියන් තිදෙනෙක්.

මෙම තිදෙනාම විවාහක කාන්තාවන් වන අතර ඔවුන් තම සැමියන් හා දරුවන් සමග වෙන වෙනම කන්ද තොඩුවාව ගම්මානයෙ ඔවුන්ගේ නිවෙස් තුල වාසය කර තිබෙනවා.

ඇති වූ අසනීප තත්ත්වය හේතුවෙන් බාල නැගණිය 67 හැවිරිදි ඇනි පිරිස් පුත්තලම මූලික රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එනම්වාර්තා වන්නේ,  ඇනි පිරිස් ජීවිතක්ෂයට පත්වී දින තුනක් යද්දි ඒ වන විටත් රෝගි තත්වයෙන් පසුවු ලුසි පිරිස් මවද හදිසියෙ මරණයට පත්ව ඇති බවයි.

තම බාල සොහොයුරීන් දෙදෙනා හදිසියේ මිය යාමේන් මහත් කම්පනයෙන් සිටි වැඩිමහල් සොහොයුරිය වන වයලට්ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔවුන් තිදෙනා දැඩි සහෝදර බැඳීමෙන් ජීවත් වී ඇති බවයි වාර්තා වෙන්නේ.