විශේෂ දැනුම්දීමක් - ශ්‍රීලන්කන් ගුවන් සේවය මේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

Report

මැද පෙරදිග කලාපයේ වේගයෙන් උත්සන්න වෙමින් පවතින යුදමය තත්ත්වය සහ ආරක්ෂක අවදානම හේතුවෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගම මඟින් කුවේට් රාජ්‍යය වෙත සිදුකරනු ලබන සියලුම ගුවන් ගමන් වාර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කරයි.

ඒ අනුව ඊයේ (20) දින සිට ජූලි 26 වන දින දක්වා කාලය තුළ කුවේට් වෙත ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සියලුම ගුවන් ගමන් අත්හිටුවා තිබේ.

ආයේ මේ රටට යන්න හීන මවලා ඉවරයි - ශ්‍රී ලාංකිකයින් සඳහා සංචාරක වීසා අයදුම්පත් භාරගැනීම අත්හිටුවයි

ආයේ මේ රටට යන්න හීන මවලා ඉවරයි - ශ්‍රී ලාංකිකයින් සඳහා සංචාරක වීසා අයදුම්පත් භාරගැනීම අත්හිටුවයි

මෙම හදිසි ගුවන් ගමන් වෙනස්කම් සහ ටිකට්පත් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීමට අවශ්‍ය මගීන් සඳහා ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ 1979 ක්ෂණික දුරකථන අංකය විවෘත කර ඇත.

මීට අමතරව +94 11 777 1979 හෝ +94 74 444 1979 යන වට්ස්ඇප් (WhatsApp) අංක වෙත කෙටි පණිවුඩයක් යොමු කිරීමෙන් හෝ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් නවතම තොරතුරු සෘජුවම ලබාගැනීමේ පහසුකම් සලසා තිබේ.

හැඳුනුම්පත් නොමැති සියලුම සා.පෙළ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් - අයදුම් නොකෙරූ අයට විශේෂ චාන්ස් එකක්

හැඳුනුම්පත් නොමැති සියලුම සා.පෙළ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් - අයදුම් නොකෙරූ අයට විශේෂ චාන්ස් එකක්