අධිකරණ ඇමතිටත් වැඩ වරදියිද? - ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් අද පාර්ලිමේන්තුවට
පාර්ලිමේන්තුව අද (21) පෙරවරු 09.30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යළි රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කරයි.
අද දිනයේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 සහ 120 යටතේ තීරණ දෙකක් අනුමත කිරීම සඳහා විවාදයට ගැනීමට නියමිතය.
ඒ අනුව පෙරවරු 11.30 සිට පස්වරු 2.30 දක්වා විශේෂ යෝජනාවක් ලෙස, විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය සඳහා බලපත්‍ර ලබාදීමේ ක්‍රමය සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සිදුකළ පරීක්ෂණ වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීම පිළිබඳ විවාදය පැවැත්වේ.
මීට අමතරව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මඟින් අනාවරණය කරගත් කරුණු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීම පිළිබඳව ද විවාද කිරීමට නියමිත අතර, පස්වරු 2.30 සිට 5.30 දක්වා මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ කාර්යසාධනය පිළිබඳ සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත.
මේ අතර අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය විසින් සම්පාදනය කළ විශ්වාසභංග යෝජනාව අද දිනයේදී කථානායකවරයා වෙත භාරදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේ විපක්ෂයේ සියලුම පක්ෂ ඒකාබද්ධව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.
මීට අමතරව ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ සියලු පක්ෂවල විශේෂ සාකච්ඡාවක් අනිද්දා පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.