එයාර් බස් ගණුදෙනුවේ සැකකරුවන් සොයා CID සහ අල්ලස් නිලධාරීන් පිරිසක් ඕස්ට්‍රේලියාවට

Report

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා 10ක් මිලදී ගැනීමේදී යුරෝපීය එයාර්බස් සමාගමෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් ලබාගැනීමේ අල්ලස් සිද්ධියට අදාළ සැකකරුවන් සහ සාක්ෂිකරුවන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  සහ අල්ලස් කොමිසමේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ.

අදාළ එයාර්බස් ගනුදෙනුවේ අල්ලස් මුදල් හුවමාරු වූ බවට සැකකෙරෙන බැංකු ගිණුමක හිමිකරුවෙකු වන නිමල් පෙරේරා නැමැත්තා දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින බවට අල්ලස් කොමිසම මීට පෙර අධිකරණයට කරුණු වාර්තා කර තිබූ අතර, එම තොරතුරුවලට අනුකූලව මෙම විශේෂ විමර්ශනය ආරම්භ කර ඇත.

ආයේ මේ රටට යන්න හීන මවලා ඉවරයි - ශ්‍රී ලාංකිකයින් සඳහා සංචාරක වීසා අයදුම්පත් භාරගැනීම අත්හිටුවයි

ආයේ මේ රටට යන්න හීන මවලා ඉවරයි - ශ්‍රී ලාංකිකයින් සඳහා සංචාරක වීසා අයදුම්පත් භාරගැනීම අත්හිටුවයි

මෙම මහා පරිමාණ අල්ලස් සිද්ධියේ ප්‍රධාන සැකකාර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක සහ හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ යන අය දැනට විදේශගතව පසුවෙති.

මෙම සිද්ධියට අදාළව අධිකරණය හමුවේ පවතින නඩු කටයුතුවලට අනුව කොළඹ සහ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ මඟින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.

දෙමාපියන්ට සහ පාසල් සිසුන්ට සුබ ආරංචියක් - දීමානාවක් වහාම ලබා දෙන්නයැයි ජනපතිගෙන් නියෝග

දෙමාපියන්ට සහ පාසල් සිසුන්ට සුබ ආරංචියක් - දීමානාවක් වහාම ලබා දෙන්නයැයි ජනපතිගෙන් නියෝග