හැමෝම බලා සිටින ස්පුටිනික් එන්නත් තොගයක් යළි මෙරටට පැමිණෙයි..

Health Sri Lanka Covid vaccines Sputnik v
By Aruna Aug 11, 2021 01:52 AM GMT
Aruna

Aruna

Report

තවත් ස්පුට්නික් එන්නත් 15000ක් අද අලුයම මෙරටට රැගෙන විත් තිබෙනවා.

මේ අතර එන්නත්කරණය පිළිබඳව ඇති ගැටළු සහ ලියාපදංචි වීම් සඳහා විශේෂ දුරකථන අංකයක් ක්‍රියාත්මක බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවා.

1906 දුරකථන අංකය ඇමතීමෙන් අවශ්‍ය තොරතුරු දැනගත හැකි බවයි ඔහු පැවසුවේ.

ඒ අනුව වැඩිහිටි හෝ බරපතළ රෝග ඇති හෝ එන්නත ලබා නොගත් අයගේ නම සහ ලිපිනය 1906 යන දුරකථන අංකයට දැනුම් දී ලියාපදිංචි වීමෙන් පසුව එන්නත ලබාගත හැකියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now