ඔමික්‍රෝන් ගැන පිටවුණු අලුත්ම වාර්තාව එළියට - අතිශය භයානක තත්ත්වයක්,හෙළිවූ දේ මෙන්න..
දකුණු අප්‍රිකාවේ සිට ඔමික්‍රෝන් ආසාදිතයින් රැගත් ගුවන් යානා දිවිත්වය පැමිණීමට සතියකට පෙර එම ප්‍රභේදය නෙදර්ලන්තයේ පැවති බවට හඳුනාගෙන ඇතැයි නෙදර්ලන්ත සෞඛ්‍ය නිලධාරීහු පවසති.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, නොවැම්බර් 19 සහ නොවැම්බර් 23 යන දිනවල කොරෝනා ආසදිතයින්ගෙන් ලබා ගත් සාම්පලවලින් මේ බව තහවුරු වූ බව නෙදර්ලන්ත මහජන සෞඛ්‍ය හා පරිසරය පිළිබඳ ජාතික ආයතනය ප්‍රකාශ කළ බව ය.
ලොව පුරා රටවල් රැසකින් මේ වන විට ඔමික්‍රෝන් ආසාදිතයින් වාර්තා වෙමින් පවතින අතර අද (දෙසැ. 1) දින සෞදි අරාබියෙන් ද එක් ඔමික්‍රෝන් ආසාදිතයෙකු හඳුනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ප්
රථම වරට මෙම ප්‍රභේදය සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාවෙන් තොරතුරු වාර්තා විය. කෙසේ වෙතත්, මේ වන විට එම කලාපයේ රටවල් ගණනාවකින් සහ තවත් රටවල් රැසක මෙම ප්‍රභේදය ආසාදනය වූවන් වාර්තා වීම ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඒ අනුව, මෙතෙක් එම ප්‍රභේදය ආසාදනය වූවන් වාර්තා වී ඇති රටවල් සහ ආසාදිතයින් සංඛ්‍යාවන් මෙසේ ය.
ඔස්ට්‍රේලියාව 7, ඔස්ට්‍රියා 1, බෙල්ජියම 1, බොට්ස්වානා 19, කැනඩාව 3, චෙක් ජනරජය 1, ඩෙන්මාකය 2, ප්‍රංශය 1, ජර්මනිය 4, හොං කොං 3, ඊශ්‍රායලය 2, ඉතාලිය 4, ජපානය 2, නෙදර්ලන්තය 14, පෘතුගාලය 13, දකුණු අප්‍රිකාව 77, ස්පාඤ්ඤය 1, ස්වීඩනය 1, එංගලන්තය 14, නයිජීරියාව 3, සෞදි අරාබිය 1.
ලොව පුරා ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය සලකා රටවල් 70කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට අප්‍රිකානු කලාපයේ රටවල් අතර සිය ගුවන් ගමන් තහනම් කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |