පැතිරිලා?. ඔයත් මෙන්න මේ ප්‍රදේශවල ද කියලා දැන්ම බලන්න.. සෞඛ්‍ය අංශ වෙතින්.. කළ අනතුරු ඇඟවීම මෙන්න..
පසුගිය කාලයේ පැවති අයහපත් කාලගුණය නිසා තවමත් මහජනතාව අපහසුතාවයට පත් ව සිටී.
ඒ අනුව ගංවතුර පැවති ප්‍රදේශවල මී උණ ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව තිබෙනවා.
ඒ බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
ඒ අනුව වැඩි අවදානම් සහිත ප්‍රදේශ ලෙස රත්නපුර, ගාල්ල, කළුතර, කුරුණෑගල, කෑගල්ල සහ මාතර දිස්ත්‍රික්ක හඳුනා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ය.
වසරේ ගත වූ කාලය තුළ මෙරටින් මී උණ රෝගීන් 10,000ක් පමණ වාර්තා වී තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, මී උණ හේතුවෙන් වාර්ෂිකව පුද්ගලයින් 120 ත් 200 ත් අතර සංඛ්‍යාවක් මිය යන බවයි.
මීයන්ගේ මුත්‍රා ජලයට එක්වී, ශරීරයේ පවතින තුවාල ඔස්සේ විෂබීජ ශරීරගත වී, මී උණ වැළදිය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
ඒ අනුව ඇස් රතුවීම, උණ, මුත්‍රා පිටවන ප්‍රමාණය අඩුවීම, අධික හිසරදය හා මස්පිඩු වේදනාව, මී උණ රෝගයේ ලක්ෂණයි.
කෙසේ වෙතත්, එම රෝග ලක්ෂණ පවතින්නේ නම් කඩිනමින් රෝහල් ගත වන මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙයි.
You May Like This Video👇
.
