විදුලි ගාස්තු වැඩි කිරීම ගැන නිවේදනයක්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විදුලි ගාස්තු වැඩි කිරීමට විරුද්ධව සියලු දෙනාවම පෙළ ගස්වා විදුලි පාරිභෝගිකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට කැප වෙන බව ප්‍රකාශ කරයි.
ඒ අනුව ඔහු සඳහන් කළේ ඉදිරියේදී 25% ත් 30% ත් අතර ප්‍රමාණයකින් විදුලි ගාස්තු සංශෝධනයකට රජය උත්සාහ කරන බවයි.
එම උත්සාහය කඩිනමින් නතර කරන ලෙසට මෙහි දී විපක්ෂනායකවරයා ඉල්ලා සිටියි.
වැඩිදුරටත් අදහස් දැක් වූ ඔහු රු 9000 විදුලි බිල රුපියල් 6000 ටත්, රුපියල් 3000 විදුලි බිල රුපියල් 2000 ටත් වන අයුරින් 33% අඩු කරන බවට ජනාධිපති දුන් පොරොන්දු අමතක කර ඇති බව පවසයි.
එබැවින් නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙසේ රටේ ජනතාව පීඩාවට පත් කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බවයි. අඳාළ නිවේදනයේ තවදුරටත් මෙසේ ද සඳහන් විය.
" වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය බලයට පත් වීමට පෙර මෙරට ණය තිරසරකරණ විශ්ලේෂණය යළි සමාලෝචනය කරන බවට ජනතාවට දුන් පොරොන්දුව අමතක කරමින්, පෙර පැවති රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට යාමේ ප්‍රතිඵල ලෙස මෙලෙස විදුලි ගාස්තු වැඩි කිරීමකට රජය යොමු වීමේ තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ජූලි මාසයේ පැවැත් වීමට නියමිත සමාලෝචනයට පෙර විදුලි ගාස්තු වැඩි කරමින් කොන්දේසි සම්පූර්ණ කිරීමේ මෙහෙයුමක රජය නිරතව සිටින බව දැන් මනාව පැහැදිලි වේ. පසුගිය වසරේ ලාභ ඉපැයූ ලංකා විදුලි බල මණ්ඩලය පෙබරවාරි මාසයේ සිට පාඩු ලබන බවත් එය සංඛ්‍යාත්මකව රුපියල් බිලියන 271.1 පමණ වන බවත් පවසමින් මේ සැරසෙන්නේ එදා ජනතාවට දුන් පොරොන්දු කුණු කූඩයට දැමීමට බව හොඳින්ම පෙනෙන්නට තිබේ. මීට පෙර ද වත්මන් විදුලි බල අමාත්‍යවරය ප්‍රමුඛ රජය විදුලි ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බව ප්‍රකාශ කරද්දීත්, විපක්ෂය ලෙස අපත්, විදුලි පාරිභෝගික සංවිධානත් නැඟූ හඬට ප්‍රතිචාර දක්වමින් මහජන උපයෝගීතා කොමිසම ජනවාරි මාසයේදී 20% කින් විදුලි ගාස්තු අඩු කිරීමට කටයුතු කළ ආකාරයද සිහිපත් කරනු කැමැත්තෙමි" .
