අනතුරට ලක්වූ බසය ගැන කතරගම ඩිපෝවෙන් විශේෂ ප්‍රකාශයක්

Accident Death Latest Headlines Sinhala news
By Mithu May 11, 2025 06:18 PM GMT
Mithu

Mithu

Report

අනතුරට ලක්වූ බස් රථය සහ අනතුර සිදුවූ ස්ථානය නිරික්ෂණය කිරීම සදහා බස් රථය අයත් කතරගම ඩිපෝවේ ධාවන පරීක්ෂකවරයා ඇතුලු පිරිසක් එහි ගොස් තිබුණා. අප කළ විමසීමකදී කතරගම ඩිපෝවේ ධාවන අංශයේ නිලධාරීයෙකු පැවසුවේ මෙම බස්රථය දෛනිකව කතරගම සිට කුරුණෑගල බලා ධාවනය කෙරෙන අතර, සෑම දිනතම ගමන් ආරම්භයට පෙර බස් රථය පරීක්ෂා කරන බවයි.

ඉන්දු පකිස්තාන් සටන් විරාමය කැඩේ

ඉන්දු පකිස්තාන් සටන් විරාමය කැඩේ

ඊයේ රාත්‍රියේ ගමන් ආරම්භයට පෙරද බස් රථය පරික්ෂා කළ අතර, එහි කිසිදු දෝෂයක් නොතිබූ බව ද අදාළ නිලධාරියා ප්‍රකාශ කළා. බස් රථය පැදවූ රියදුරු යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් සිටි බවත් ඔහුගෙන් කිසිදු ව්‍යාකූලත්වයක් දක්නට නොලැබුණු බවත්, කතරගම ඩිපෝවේ ධාවන අංශයේ නිලධාරියා හිරු ප්‍රවෘත්ති සමග පැවසුවා.

බස් රථයේ රියදුරු අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අතර ඔහු 44 හැවිරිදි වියේ පසුවනවා. එමෙන්ම, බස් රථයේ රිය සහයක අනතුරින් බලපතල තුවාල ලබා මේ වන විට රෝහල්ගතව පසුවන බවයි පොලිසිය සදහන් කළේ.

කතරගම ඩිපෝවේ කළමනාකරු සුසිල චමින්ද සිරිවර්ධන පැවසුවේ මෙම බස් රථයේ එක් ගමන් වාරයකට එක් රියැදුරෙකු පමණක් සේවය කරන අතර, ගමන්වාරයට පසුදින අදාළ රියැදුරුට නිවාඩු දිනයක් හිමිවන බවයි.

අනතුරෙන් මව අහිමි වූ සයමස් බිලිඳියට භාරකරුවෙක්..

අනතුරෙන් මව අහිමි වූ සයමස් බිලිඳියට භාරකරුවෙක්..

ඊයේ රාත්‍රි 10.30 ට කතරගමින් ගමන් ආරම්භ කළ මෙම බස් රථය වැලිමඩ, නුවරඑළිය සහ තවලන්තැන්න යන ප්‍රදේශවල විනාඩි 15 බැගින් නවතා විවේක ලබාගැනීමෙන් පසු යළි ගමන් අරඹන බවද කතරගම ඩිපෝ කළමනාකාරවරයා සදහන් කළා. බස් රථය සම්බන්ධයෙන් පරික්ෂා කළ එහි ගැටලුවක් තිබුණේ ද, නැද්ද යන්න පිළිබදව සොයා බලන බවද ඔහු කියා සිටියා.

ReeCha