පිත්තෙන් වැඩ පෙන්වූ දිමුත් තවත් ලැයිස්තුවකින් ඉදිරියට යයි.

Cricket Sri Lanka Sport Dimuth karunarathne
By Aruna Jun 17, 2021 07:43 AM GMT
Aruna

Aruna

Report

 ගෙවුණු අවසන් වසර පහක කාලයේදී ලොව වැඩිම ටෙස්ට් ලකුණු රැස්කළ පිතිකරුවන් පස් දෙනා අතරට පිවිසීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නට හැකිව තිබේ.

අවසන් වසර 5 තුළ වැඩිම ටෙස්ට් ලකුණු රැස්කළ පිතිකරු එම ලැයිස්තුවට අනුව පළමු ස්ථානය එංගලන්ත නායක ජෝ රූට්ට හිමිව තිබෙන අතර ඔහු එම කාලයේදී ශතක 11ක් සහ අර්ධ ශතක 29ක් සමගින් රැස්කර තිබෙන මුළු ලකුණු සංඛ්‍යාව 5221කි. ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 46.20කි.

එංගලන්ත නායක ජෝ රූට් එහි දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ ඉන්දීය නායක විරාට් කෝලිට සහ චේතේෂ්වර් පුජාරාටය.

එහිදී කෝලි ටෙස්ට් ශතක 16ක් සහ අර්ධ ශතක 13ක් සමගින් ලකුණු 4496ක් රැස්කර ගන්නා අතරවාරයේදී පුජාරා ශතක 11ක් සහ අර්ධ ශතක 22ක් සමගින් රැස්කරගෙන තිබෙන මුළු ලකුණු සංඛ්‍යාව 3824 කි.

පිළිවළින් ඔවුන් දෙදෙනාගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 59.94ක් සහ 46.07ක් වශයෙන් දැක්වේ.

මේ වන විට මුළු ලකුණු 3688ක් රැස්කරගෙන සිටින ඔස්ට්‍රේලියානු හිටපු නායක ස්ටීව් ස්මිත් සිවුවැනි ස්ථානයේ රැඳී සිටී.

එහිදී ඔහු විසින් ශතක 13ක් සහ අර්ධ ශතක 15ක් රැස්කරගෙන තිබෙන්නේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 63.58ක අගයක් රඳවා ගනිමිනි.

අදාළ කාලයේදී ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයකු විසින් පන්දුව පලුදු කිරීමේ සිද්ධියක් හමුවේ එවකට ඔස්ට්‍රේලියානු නායක වූ ස්ටීව් ස්මිත්ටත් තරග තහනමකට ලක්වීමට සිදු වීම ද විශේෂත්වයකි.

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න එම ලැයිස්තුවේ 5 වැනි ස්ථානයේ රැඳී සිටී.

ගෙවුණු වසර 5ක කාලයේදී ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 41.26ක අගයක් රඳවාගෙන සිටින දිමුත් ඒ සඳහා ශතක 9ක් සහ අර්ධ ශතක 18ක් එක්කොට තිබේ.

මේ වන විට සමස්ත ටෙස්ට් තරග 72කට සහභාගි වී ඇති දිමුත් එහිදී ශතක 12ක් සහ අර්ධ ශතක 26ක් සමගින් රැස්කරගෙන තිබෙන මුළු ලකුණු සංඛ්‍යාව 5176 කි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha