ශුක්‍රාණු බැංකුවට සරුයි... මුල්ම ප්‍රතිපලය එයි

Ministry of Health Sri Lanka Medicines Sinhala news
By Akash Mar 30, 2025 01:44 AM GMT
Akash

Akash

Report

කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ ස්ථාපනය කෙරුණු ශුක්‍රාණු බැංකුවේ ලියාපදිංචි වූ පරිත්‍යාගශීලීන් 40 දෙනකුගෙන් 20ගේ ප්‍රතිඵල ලැබී ඇති බවත්, එම 20 දෙනාගේ ශුක්‍රාණු සුදුසු මට්ටමේ ඇති බවත්, එබැවින් ඒවා පරිත්‍යාග ලෙස ලබාගත් බවත් එම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා ප්‍රධාන පුවත්පතකට පවසා තිබෙනවා.

ඒ මහතා කියා සිටියේ, අනිත් 20 දෙනාගේ ශුක්‍රාණු පරීක්ෂණ සඳහා යොමුකර ඇති බවත්, එහි ප්‍රතිඵලත් ඉදිරියේදී ලැබීමට නියමිතව ඇති බවයි.

සෙනසුරු මාරුව ඔබට සුබද? මෙන්න සම්පුර්ණ විස්තරේ

සෙනසුරු මාරුව ඔබට සුබද? මෙන්න සම්පුර්ණ විස්තරේ

ශුක්‍රානු ලබාදීමට කැමැති පරිත්‍යාගශිලීන් පැමිණි පසු ඔවුන් පරීක්ෂණ 4කට භාජනය කරන බවත්, එම පරීක්ෂණ 4න්ම පරිත්‍යාගශීලියකු සමත් වීම අනිවාර්යය බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.

ශුක්‍රාණු පරිත්‍යාගශිලීන්ගෙන් දිනකට ඇමතුම් 05ක් 10ක් පමණ ලැබෙන බවත් ඔවුන්ට රෝහලට පැමිණීමට දින ලබාදීම මේ වනවිට සිදුකර ගෙන යන බව ද ඒ මහතා කියා සිටියේ ය.

ලිංගික එක්වීම්...අලුත් ආරංචියක්...තරුණ තරුණියක් සැලකිලිමත් වන්න...

ලිංගික එක්වීම්...අලුත් ආරංචියක්...තරුණ තරුණියක් සැලකිලිමත් වන්න...

හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ, මදසරු භාවය පිළිබඳ ගැටලු ඇති මව්වරුන් 200කට ආසන්න පිරිසක් මසකට රෝහලේ සායන වෙත පැමිණෙන බවයි.

ReeCha