විශේෂ එන්නත්කරණ සතියක් සියලු දෙනාටම... රට පුරා මධ්‍යස්ථාන
විශේෂ එන්තන්කරණ සතියක් ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාවරයා මේ බව පවසා සිටියේ, එම සතිය අද (11) සිට එළඹෙන 17 වනදා දක්වා ක්‍රියාත්මක කරන බවය.
එම එන්නත්කරණ සතිය තුළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුළ අමතර එන්නත්කරණ මධ්‍යස්ථාන 04ක් ආරම්භ කිරීමට නියමිත බවත් සෑම රෝහලක් තුළම රාත්‍රී 8.00 දක්වා එම එන්නත්කරණ මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක කෙරෙන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,
"මේ විශේෂිත වූ එන්නත්කරණ සතිය තුළ එක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයක් තුළ අමතර එන්නත්කරණ මධ්‍යස්ථාන 4ක් ආරම්භ කරන්න කියලා උපදෙස් ලබාදීලා තියෙනවා. ඒ වගේම අපගේ රෝහල් තුළ ඒ කියන්නේ විශේෂයෙන්ම පළාත් රෝහල්වල, ශික්ෂණ රෝහල් සහ මූලික රෝහල් එන්නත්කරණ මධ්‍යස්ථානයක් රාත්‍රී 8.00ට වන තෙක් පවත්වාගෙන යන්න කියලා අපි උපදෙස් ලබාදී තිබෙනවා
. ඊට අමතරව අපිට කාටහරි එන්නත්කරණ මධ්‍යස්ථානයකට එන්න බැරිනම් ඒ පිළිබඳව ඔවුන්ට ළඟම තියෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට දැනුම්දෙන්න පුළුවන්. එතකොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ජංගම සේවාකින් ඇවිල්ලා ඔවුන්ට එන්නත්කරණය කරලා යන්න අපි අවස්ථාව ලබාදී තිබෙනවා.
ඊට අමතරම කොළඹ නගරය ගත් විට අපේ ලොකු නිවාස සංකීර්ණ තිබෙනවා. ඒ නිවාස සංකීරණ ගාවටත් ජංගම එන්නත්කරණ රථ යවනවා. මීට කලිනුත් අපි යැව්වා. මේ සතිය තුළත් අපි යවන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිවාස සංකීරණ ගාව ඉන්න අයට නිවාස සංකීර්ණයේ පහළට ඇවිල්ලා මෙම එන්නත ලබාගන්න පුළුවන්.
ඒ වගේම අනෙකුත් සෞඛ්‍ය නිලධාරී කොට්ඨාස තුළ මේවන විටත් ඒ ජංගම එන්නත්කරණ රථ ක්‍රියාත්මක වෙනවා. මෙම එන්නත්කරණ සතිය තුළ කවුරුන් හෝ වේවා මේ දක්වා එක එන්නතක්වක් ලබා නොගත්ත අයට ඒවාගේම එන්නත දෙකම අරගෙන බූස්ටර් එක ලබා නොගත්ත අයටත් මෙම එන්නත්කරණ සතිය තුළ ළඟම තියෙන එන්නතරකරණ මධ්‍යස්ථායෙන් එනන්ත ලබා ගන්න පුළුවන්."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |