හෙට සිට විශේෂ ප්‍රවාහන සේවාවක් මෙන්න
උත්සව සමය සඳහා කොළඹට නැවත පැමිණීම සඳහා තම ගම්බිම් බලා ගිය ජනතාව සඳහා හෙට (2025.12.28) සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කෙරේ.
ඒ අනුව, කොළඹට පැමිණෙන ජනතාව සඳහා අමතර දුර ගමන් සේවා සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය නිවේදනය කර ඇත. මේ අතර, කොළඹ කොටුව - කන්ගේසන්තුරෙයි අධිවේගී දුම්රිය හෙට (2025.12.28) ක්‍රියාත්මක කෙරේ.
එසේම, හෙට (2025.12.29) අලුයම 5 ට මාතර සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රියක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව දන්වා තිබේ.