ආපදාවට ලක්වූවන්ට ලක්ෂ 5ක් - මදිනම් මිලියන ගාණක් දක්වා සහන

Report

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසා ඇත්තේ 'දිට්වා' සුළි කුණාටුවෙන් පීඩාවට පත් සෑම නිවසක් සඳහාම තක්සේරු කිරීම්වලින් තොරව රුපියල් ලක්ෂ පහක මූල්‍ය ආධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇති බවයි.

එසේම අර්ධ වශයෙන් හානි වූ නිවාස 120,000කට අධික ප්‍රමාණයක් සඳහා විධිමත් තක්සේරු කිරීම් සිදු කිරීමට වසරක පමණ කාලයක් ගත විය හැකි බැවින්, සහන ලබාදීමේ ප්‍රමාදය වැළැක්වීමට මෙම තීරණය ගෙන ඇති බව කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති "ප්‍රජා ශක්ති" දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා පවසා ඇත.

ආපදාවට ලක්වුවන්ට කෝටිය බැගින් අරමුදලක් - අමාත්‍යවරයා ප්‍රකාශ කරයි

ආපදාවට ලක්වුවන්ට කෝටිය බැගින් අරමුදලක් - අමාත්‍යවරයා ප්‍රකාශ කරයි

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ යම් පවුලක් මෙම ලක්ෂ පහේ ස්ථාවර වන්දියට අකමැති නම්, ඔවුන්ට විධිමත් තක්සේරුවක් ඉල්ලා සිටිය හැකි බවත්, එවිට තක්සේරු කරන ලද හානියේ ප්‍රමාණය අනුව රුපියල් මිලියන කිහිපයක් දක්වා වුවද වන්දි මුදල ඉහළ යා හැකි බවත්ය.

එමෙන්ම විධිමත් තක්සේරුවක් අවශ්‍ය නොවන පවුල් වෙත ඉතා කෙටි කලකින් මෙම මුදල් නිදහස් කිරීමට රජය බලාපොරොත්තු වන බවත් ඔහු පවසා ඇත.

ලබන 29 රටටම වෙන්න යන දේ - අනතුරු නිවේදන මෙන්න

ලබන 29 රටටම වෙන්න යන දේ - අනතුරු නිවේදන මෙන්න